සාරංග දිසාසේකර ජීවිතයේ අලුත් පිටුවක් පෙරළයි

 10/04/2017 - 15:05
464 reads

කලා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින සාරංග දිසාසේකර කියන චරිතයට කවුරුත් ආදරය කරනවා.

රංගනයට, ගායනයට, හඬකැවීමට  පමණක් නොව නිවේදනයෙන් ද දක්ෂතා දක්වන ඔහු සම්බන්ධව පසුගිය කාලය පුරාම විවිධ කතා හුවමාරු වුණා.

ඒ රංගන ශිල්පිනි උමාලි තිලකරත්න සමඟ වූ විවාහය දෙදරා යාමත් සමඟ සාරංග සම්බන්ධ විවිධ කතා පැතිරෙන්නට වුණා.  

විවිධ හැලහැප්පීම් මැද ගෙවීගන යන ඔහුගේ ජීවිතේ අලුත්ම ආරම්භයක් ගැන සාරංග සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

තම මව සමඟ එකට එක්ව රූපවාහිනී සජීවී වැඩසටහනක් කිරීමට සාරංගට අවස්තාව හිමිව තිබෙනවා.

ඒ සම්බන්ධව ඔහු මුහුණු පොතට එක්කර ඇති එම ජායාරූප සහිත සටහන පහතින්.

“අද මට තවත් අලුත් අවස්ථාවක් ලැබෙනවා ඒ තමයි මුල්ම වතාවට රූපවාහිනී සජීව වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබීම තනියෙන් නෙවෙයි මගේ ආදරණීය අම්මත් එක්ක. මට හිතෙන්නෙ පුතෙක් ලබන දුර්ලභ අවස්ථාවක් මේ. එන්න මගෙත් එක්ක මේ සතුට බෙදාගන්න”

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments