ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් ගැන අනතුරු අඟවා අගමැති මෝදිට ලිපියක්

 10/01/2017 - 14:10
516 reads

දෙසැම්බර් 31 වැනි දාට පෙර ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවන බවට වූ අනාවැකියක් ඉදිරිපත්ව තිබෙනවා. පුද්ගලික සංවේදී  තොරතුරු අනුව  ඒ පිළිබඳ  දන්වන බව සටහන් කරමින් අනාවැකිකරු  ලිපියක් මගින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී  වෙත මේ බව දන්වා සිටිනවා.
ඉන්දියාව ඇතුළු රටවල්  11කට  භූ කම්පන  බලපෑම එල්ල විය හැකි බවයි ඔහු අනතුරු අඟවන්නේ.
SEESMA  නම් වන කුණාටුවද පැයට කිලෝමීටර 120 -180 ප්‍රමාණ අගයක් ගන්නා බවයි පවසන්නේ.

ලිපියෙන් දැක්වෙන්නේ

" ඉන්දියන් සාගරයේ 2017 දෙසැම්බර් 31 දිනට පෙර භූමිකම්පා ඇතිවේ.
 භූමිකම්පාවෙන්  ආසියා මහාද්වීපික ප්‍රදේශවල වෙරළ තීරයටම අවහිර විය හැකිය.
ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, ඇෆ්‍ගනිස්තානය, ශ්‍රි  ලංකාව මෙන්ම ගල්ෆ් කලාපයටද ඉන් බලපෑම් එල්ලවෙනු ඇත.
මෙම කාලය තුළ SEESMA නම්  කුණාටුව කිලෝමීටර 120-180 අතර වේගයකින් බලවත් වෙයි.
අධික වැසි සමගසුනාමියක් ඇතිවෙයි."

 

කේරල ප්‍රාන්තයේ පුද්ගලයෙක් වන ඔහු නමින් Babu Kalayil.
ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවන බව පුරෝකථනය කරන ඔහු ඒ සඳහා වූ විද්‍යාත්මක විශ්ලේෂණ දක්වා නැහැ.

ලිපියෙහි දක්වා ඇති ආකාරයට බාබු කලායිල්  භෞතික විද්‍යා  මහාචාර්යවරයෙක්.
බාබු කලායිල්  භෞතික විද්‍යා  මහාචාර්යවරයෙක් ලෙස හඳුන්වා දුන්නද  ලිපියෙහි අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ දෝෂ රැසක් ඇති බව පෙනෙයි.
කෙසේ වෙතත් ලිපියෙහි තැතිගන්වන කරුණු හේතුවෙන් මේ වනවිට එම අගමැතිට යොමු කළ  ලිපිය සම්බන්ධයෙන්  ජාත්‍යන්තරයේ ද අවධානය යොමුව තිබෙනවා.

බාබු කලායිල් B.K. Research Association නමින් පර්යේෂණ ආයතනයක් පවත්වාගෙන යන බව ලිපි ශීර්ෂයෙහි දැක්වෙයි.

බාබු කලායිල් මීට පෙරද අනාවැකි පළ  කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා දක්වනවා.
එක අවස්ථාවක ගුවන් විදුලි වැඩසටහනක දී ද බාබු කලායිල් යි ස්වභාවික ව්‍යසනයක් පිළිබඳ අනාවැකි පළ කර  තිබුණා.

" පරිසරයේ යම්  දර්ශනයක් බලා සිටින විට, මගේ මොළය හා සිරුර අතිශයින්ම උණුසුම් වෙනවා.
ඉන්පසුව මට  රූප මාලාවක් දැකගන්නට පුළුවන්.
හරියට  චිත්‍රපටයක දර්ශන වගේ. එක දිගට ගලාගෙන එනවා. පරිසරයේ අනාගත වෙනස්කම් මෙහෙම පෙනෙන්නේ.
මම සුනාමිය දුටුවේ කොහොමද?
ඒ සමඟම, මෙම සිද්ධිය සිදුවන්නේ කවදාද යන්න සහ කොහේද යන්න සොයාගත හැයි.
ස්වාභාවික විපත් සිදු වන විට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා ගැනීමට මගේ හැකියාවන් අත්‍යවශ්‍ය වෙයි.."

කෙසේ වෙතත් බාබු කලායිල්ගේ අනාවැකි සත්‍ය වූ බවට නිශ්චිත කරුණු නැහැ.

පෘථිවි විද්‍යාව පිළිබඳ ඉන්දියානු ජාතික සංවිධානය පවසන්නේ බාබු කලායිල්  අශිෂ්ට ලෙස යම්  වාසියක් අරමුණු කරන බවයි.
බාබු කලායිල් පවසන එවැනි භූ කම්පනයක් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර විශ්ලේෂණයකට ද හසුව නොමැති බවයි පෘථිවි විද්‍යාව පිළිබඳ ඉන්දියානු ජාතික සංවිධානය පෙන්වා දෙන්නේ.
සමාජ මාධ්‍ය නොව තම දෙපාර්තමේන්තු  දැනුම්දීම් කෙරෙහි අවධානයෙන් සිටිය යුතු බවටයි  එහි ප්‍රධානියා ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.

Babu Kalayil අගමැති මෝදිට යොමු කළ ලිපිය

Babu Kalayil අගමැති මෝදිට යොමු කළ ලිපිය පිළිබඳ අන්තර්ජාල වාර්තා

https://www.boomlive.in/factchecking-predictions-of-an-earthquake-before-december-31-2017/

http://www.snopes.com/indian-ocean-earthquake-tsunami-prediction-2017/

news24.lk
News24
sri lanka news 24
24 news

Comments