සියදිවි නසාගත් දසුන්ගේ දුරකතනයෙන් හෙළිවුණ රහස්

 10/01/2017 - 11:11
3573 reads

වෙලාව පස්වරු එක පසුවී විනාඩි හතලිස් හතරයි.
පිළියන්දල පොලිසියේ දුරකතනය නාද  විණි.
ලද ඇමතුමට අනුව කියවුණේ පන්නිපිටිය පැලන්වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ තරුණයෙකු ගෙල වැලලාගෙන ඇති බවටය.
පොලිසිය වහාම ක්‍රියාත්මක විය.
දෙමකල් නිවසේ පහළ මහලෙහි මැද සාලයෙහි  තරුණයෙකු ගෙල වැලලාගෙනය.
එම නිවස බෝඩිමකි. එහි සිටිනුයේ තරුණයන් තිදෙනෙකි.
ඒ අතර සිටි කඩවසම් තරුණයෙකු වූ දසුන් නිශාන් මෙලෙස සිය ජීවිතයේ ඉරණම් තීන්දුව  ගෙන තිබිණි.

මෙම පුවත මාධ්‍යයේ සේම සමාජ මාධ්‍යයේ ද ලැව්ගින්නක් සේ පැතිරගියේ දසුන් නිශාන් මෙරට නැගී එන රංගන ශිල්පියෙකු නිසාය.

ගෙල වැලලාගෙන සිටි දසුන් නිශාන්ගේ නිසල දේහය අවට ප්‍රථමව සෝදිසි කිරීමට පොලිස් කණ්ඩායම පියවර ගත්හ.
ඒ අසල වූයේ ස්මාර්ට් ජංගම දුරකතනයකි.
ඒ අසලම  වූයේ ලියුම් කඩදාසියකි.

ජංගම දුරකතනය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් ඇස් අදහාගත නොහැකි දර්ශනයක් දුටුවේය.
විනාඩි පහක කාලයක් රූගත වීමට සලස්වා තිබූ එම දර්ශනවල  දසුන් නිශාන් සියදිවි හානි කරගන්නා ආකාරය සටහන්වී තිබිණි.

ඉකුත්  25 වැනි දින මෙම සියදිවි හානි කර ගැනීම සිදු වූ අතර ඊට පසු දින පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී සිදු කරනු ලැබීය.

ජාත්‍යන්තර පාසලක ගුරුවරියක සමඟ මීට පෙර වසර 02ට පමණ ඉහතදී විවාහ ගිවිසගෙන ඇති දසුන් මෑතකදී ප්‍රසිද්ධ නිළියක සමඟ සමීප සබදතාවක් පවතී බව ඔහුගේ මව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දෙමින් පවසා සිටිනවා.

දසුන්ගේ දේහය පොලීසිය විසින් භාර දී ඇත්තේ විවාහ ගිවිසගත් බිරිඳ හටයි.

ජනවාරි මාසයේ සිට දසුන් වෙනත් කාන්තාවක් සමඟ සබඳතාවක් පැවැත්වූ බවත් තමාට එය තේරුම් ගිය නිසා තමා දසුන්ගෙන් ඒ ගැන විමසු බවත් බිරිඳ සාක්ෂි ලබා දෙමින් කියා තිබෙනවා.

එවැනි සබදතාවක් ඇති බව ඔහු පිළිගත් බවත් තමා සමඟ ද සබදතාව පවත්වාගෙන යාමට කැමති බව ඔහු පවසා ඇතැයි විවාහක බිරිඳ පවසනවා.

අදාළ කාන්තාව සමඟ ද මෙම සබඳතාව ගැන විමසන්නට බිරිඳ කටයුතු කර ඇති බව ඇය සාක්ෂි ලබා දෙමින් පවසා සිටිනවා.

සියදිවි හානිකර ගැනීමට සතියකට පෙර දසුන් ගීතයක මුල් පද පේළියක් රචනා කර තිබෙනවා.

"මගේ මරණ මංචකයේ මා නෙතු පියවෙන්නට පෙර
 එක මොහොතක් මගේ ළඟින් ඇවිත් ඉන්න"

යනු එම පද පේළියයි. දසුන් එම ගී පද පේළිය ගී පද රචක නදුන් රත්නායකට ලබාදී ඇති බවත් සඳහන්.

(උපුටා ගැනීම - මව්බිම)

 

news24.lk
News24
sri lanka news 24
24 news