සොබා සම්පතින් සිතුවමට පණ දෙන යතිවරයාණෝ

 09/13/2017 - 15:20
86 reads

හාඟිලිඇල්ලේ ඤාණවිමල හිමියන් සම්ප්‍රදායික වර්ණ සහ ශිල්ප ක්‍රම භාවිත කරමින් දේශීය සිතුවම් කලාව යළි මතු කර ගැනීමට උත්සාහ දරන බෞද්ධ භික්ෂුවකි.

මෙසේ සම්ප්‍රදායික චිත්‍ර නිර්මාණකරණය සඳහා මැටි, ගස්වල කොල පොතු, මල් සහ විවිධ පාෂාණ වර්ග භාවිත කරනු ලැබෙනවා.

ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කර සකසා ගන්නා ලද වර්ණ දීර්ඝ කාලයක් පවතින බවයි උන්වහන්සේගේ මතය වන්නේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඤාණවිමල හිමියන් ‍ඓතිහාසික යටිහලගල ශ්‍රී සුමනාරාම මහා විහාරයේ වැඩ වසමින් සිතුවම් කලාවේ නිරතවනවා.

2013 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වී ඇති ඤාණවිමල හිමියන් මුලින්ම සිතුවම් කලාව වෙත යොමුව ඇත්තේ සෝලියස් මෙන්ඩිස් විසින් කැළණි මහා විහාරයේ නිර්මාණය කරන ලද සිතුවමක් දැකීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

"දවසක් මම කැළණියේ වන්දනා ගමනක් ගිය දවසක එහි සෝලියස් මෙන්ඩිස් මහත්මයා ඇදල තිබ්බ චිත්‍රය දැක්ක. මම ගොඩාක් ඒ සම්බන්ධ කරනු රැස් කළා. ඉන් පස්සෙ තමා මට හිතුණේ ඒ මහතා ඒ චිත්‍ර සඳහා ස්වාභාවික මැටි, ගස්වල කොල පොතු, මල් ආදී දේ වලින් ගන්නා ඉස්ම ආශ්‍රයෙන් චිත්‍ර ගොඩක් නිර්මාණය කර තිබෙන බව"

ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කර සිදු කරන නිර්මාණවලට අමතරව නූතන ක්‍රමවේද යොදා ගනිමින් ද උන්වහන්සේ නිර්මාණකරණයේ යෙදෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news