මගියෙක් රියදුරුගේ සුළැගිල්ල සපාකයි

 09/13/2017 - 09:28
170 reads

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක රියදුරුගේ සුළැගිල්ල සපා කෑ පුද්ගලයෙකු බෙලිඅත්ත පොලිසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් ව ඇත්තේ විජේසිංහ සුපුන් රංගන නම් නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මොහු තංගල්ල - කොළඹ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරමින් සිට තිබේ.

පසුගිය 08 වැනි දා බෙලිඅත්ත නගරයෙන්  මොණරාගල සිට මාතර දක්වා ධාවනය වූ ලංගම බස් රථයට නැග ඇති අතර මාරු සල්ලි සම්බන්ධව බස් රථයේ කොන්දොස්තරවරයා සමග ඇති වූ ආරවුලක් බසයේ රියදුරු විසින් විසදීමට පැමිණි අවස්ථාවේදී ඔහුගේ සුළැගිල්ල සපා ඇත.

මේ පිළිබදව බස් රථයේ රියදුරු හම්බන්තොට පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට පොලිස් ස්ථානය මගින් බෙලිඅත්ත පොලිස් ස්ථානය වෙත කරන ලද දැනුම්දීමකට අනුව බෙලිඅත්ත පොලිසියේ ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටී.ඩී.එන්.සදරුවන්, පොලිස් සැරයන් ගුණදාස (22332) නිළධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා විසින් සැකකරු 14දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇතැයි සඳහන්. 

news24.lk
News24
sri lanka news 24
24 news