තාත්තා වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාවට එන පුතා මෙන්න

 09/12/2017 - 17:02
803 reads

ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත චරිතයක් මෙන්ම ඉන්දියාවෙන් බිහි වූ සුපිරි පිතිකරුවන් අතර නමක් දිනා සිටින සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් ද ක්‍රිකට් ක්‍රීඩාවට සමීප වී සිටිනවා.

ඒ මුම්බායි ක්‍රිකට් සංගමයේ 19න පහළ කණ්ඩායම සඳහා ඔහු තෝරාගැනීමත් සමඟයි.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් නම් කර සිටින අර්ජුන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජේ. වයි. ලෙලේ ආරාධිත තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරඟය ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන්නක් නොවුණත් එම තෝරාගැනීම අර්ජුන් 19න් පහළ නිල ඉන්දීය සංචිතයට පැමිණීම සඳහා ආසන්නතම අවස්ථාව වනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සචින් දකුණත් පිතිකරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇතත් අර්ජුන් වමතින් වේග පන්දුයවන්නෙකු ලෙස කටයුතු කරන පිතිකරණයේ දක්ෂයකු බවයි වාර්තා වන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news