9/11 ප්‍රහාරයේ දී නැවතුණු පෙන්ටගන් ඔරලෝසුව

 09/12/2017 - 15:59
95 reads

අමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා පෙන්ටගනය ඉලක්ක කරමින් එල්ල වූ 9/11 අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට ඊයේ (11) දිනට  වසර 16ක්  සපිරෙනවා.

ලෝක ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරමින් එල්ල වූ මෙම දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයේ දී නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණු ද්විත්වය බිමට සමතලා කරමින් ආරක්ෂක මුලස්ථානය වන පෙන්ටගනයට ද ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මගී ගුවන් යානා 04ක් යොදාගනිමින් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමටයි ඔසාමා බින් ලාඩන් අණ ලබා දී ඇත්තේ.

ආරක්ෂක මුලස්ථානය වන පෙන්ටගනයට ත්‍රස්තයන් පැහැරගත් මගී ගුවන් යානය කඩා වැදුණු අවස්ථාවේ, එහි ඔරලෝසුවක් නිහඬ කරමින් නැවතී තිබෙනවා.

මෙම ප්‍රහාරයේ ජීවිත 3000ක් පමණ අහිමි වී ඇති අතර ප්‍රහාරයේ වගකීම දැරූ ඔසාමා බින් ලාඩ්න් පසුව ඇමරිකානු ප්‍රහාරයකින් පකිස්තානයේදී ජීවිතක්ෂයට පත් වුණා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news