සෙංගමාලයට තානාපති වූ අමිතාබ් බච්චන්

 09/12/2017 - 14:39
88 reads

වසංගතයක්ව පවතින සෙංගමාල රෝගය නිසා පුද්ගලයින් බොහෝ දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ඊට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන අතර ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ට ද ඒ සඳහා දායක වීමට අවස්ථාව හිමිව ඇතැයි  සඳහන්.

ඒ අනුව 'දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෙංගමාල රෝගය තුරන් කිරීමේ මිතුරු තානාපතිවරයා' ලෙස නළු අමිතාබ් බච්චන් පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ඇතුළත් දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය රටවල මෙම රෝගය තුරන් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් වලට අමිතාබ් බච්චන් මහතා සහභාගී වීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.  

 

news24.lk
News24
sri lanka news 24
24 news