ඇපල් දසවන සංවත්සරය සමරමින් කරළියට එන iPhone X මෙන්න

 09/12/2017 - 12:54
591 reads

ලෝ ප්‍රකට ඇපල් සමාගම සිය 10 වන සංවත්සරය සමරමින් ඇපල් කාණ්ඩයේ 8 වන දුරකථනය ලෙස 'iPhone X' ලොවට හඳුන්වාදීම අද (12) දින කැලිෆෝනියාවේ දී සිදුකෙරෙනවා.

Apple සමාගමේ නවතම iPhone දුරකථනය විශේෂාංග රැසක් ඇතුළත් අද්විතීය එකක් වනු ඇතැයි බොහෝ දෙනා මත පළ කරන්නේ.

එමෙන්ම එහි පෙනුම රැඩිකල් ස්වභාවයක් ගනු ඇතැයි ද බ්‍රිතාන්‍ය පවුම් 1000ක මුදලකට එය මිලදී ගත හැකි වේ යැයි ද බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.

රැහැන් රහිත බැටරි ආරෝපණය කිරීමේ හැකියාව, පළමු වතාවට Home Button නොමැති වීම එහි ඇති සුවිශේෂිත්වය යි.

ඊට අමතරව මෙම දුරකථනය edge-to-edge තිරය, මුහුණු හඳුනාගැනීම ආදී පහසුකම් ගණනාවකින් යුතුවෙයි.

වේගවත් chip එකක් සහිතව දීර්ඝ බැටරි කාලයකින් යුක්තව එය නිර්මාණය වී ඇත්තේ ප්‍රමිතිගත කළු සහ සුදු වර්ණ 02 යුක්තව වන අතර අනෙක් වර්ණය ලෙස තඹ හෝ රත්‍රං යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

IOS 11 ඔපරේෂන් සිස්ටම් අනුව නිර්මාණය වී ඇති මෙම iPhone X සැප්තැම්බර් 22 වෙනිදා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

නමුත් ඊට පෙර ඇණවුම් ඔස්සේ දුරකථනය වෙන්කර ගැනීමට සැප්තැම්බර් 15 වනදා සිට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි වාර්තා  වන්නේ.

එසේම ඇපල් සමාගම විසින් iPhone 8 සහ iPhone 8 Plus ලෙස හැඳින්වෙන තවත් දුරකථන දෙකක් නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

ඇපල් සමාගමේ සම්ප්‍රදායට අනුව ඔවුන් සාමාන්‍යයෙන් වසරකට වරක් නව දුරකතනයක් නිර්මාණය කරන අතරම ඉන් පසු වසරේ දී OS upgrades හඳුන්වාදීම ද ස්වභාවයයි.   
 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news