කටේ දත් 07ක් සහිත මාසයේ දරුවා මෙන්න

 09/11/2017 - 14:39
129 reads

අලුත උපන් බිලිඳකුගේ මුඛයේ දත් පිහිටන්නේ නැති වුවත් එසේ දත් පිහිටා ඇති දරුවකු සම්බන්ධ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඒ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ දින 30ක් පමණ වයසැති බිලිඳෙකුගේ මුඛයේ වැඩී තිබුණු දත් 07ක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමත් සමඟයි.

මෙම බිලිඳා ඉපදී දින කිහිපයක් ගතවීමෙන් පසු ඔහුගේ මුඛයේ දත් වැඩෙමින් පවතින බව වෛද්‍යවරු දැක තිබෙනවා.

දෙමාපියන් තම අලුත උපන් දරුවා රෝහල කරා ගෙන ගොස් ඇත්තේ මව් කිරි ලබාදීමට ඇති අපහසුතාව පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ය.

බිලිඳාගේ මුඛයේ විදුරුමස් අග සුදු පැහැ ගැන්වී තිබුණු හෙයින් වෙනත් වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇතැයි ද සඳහන්.

"මම ඒ දරුවා පරීක්ෂා කළා. දරුවාගේ කටේ දත් 07ක් වැඩී ඇති බව මම නිරීක්ෂණය කළා" යනුවෙන් වෛද්‍ය මීත් රාමට්‍රි BBC හින්දි සේවයට පවසා ඇත්තේ.

"ඇතැම් ළදරුවන්ගේ විදුරුමස අග සුදු පැහැ ගැන්වී දත්වල ආරම්භය දකින්න ලැබීම සාමාන්‍ය දෙයක්. ඒවා වැඩෙන්න කාලයක් ගතවෙනවා. නමුත් මේ දරුවාගේ දත් 07ක් සම්පුර්ණයෙන්ම එළියට ඇවිත් තිබුනා" යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එංගලන්තයේ ජාතික සෞඛ්‍ය ආයතනය විසින් එරට දෛනික පුවත්පතක් වන "ද මෙට්රෝ" පුවත්පතට දන්වා ඇති පරිදි, මෙවැනි දත් සහිතව උපත ලබන ළදරුවන් උපත් 3000කට එක් අයකු පමණක් තරම් දුර්ලභ බවයි.

එම දත් 'නරක දත්' ලෙස හැඳින්වෙන බව ද සඳහන්.

එම අවස්ථාව දැක්වෙන ජායාරූප පහතින්.

news24.lk
News24
sri lanka news 24
24 news