ගිනි පෙනෙල්ලෙන් බැටකාපු අඛිල පෙම්වතිය ගැන කියන දේ

 09/11/2017 - 10:32
974 reads

රංගන ක්ෂේත්‍රයේ නමක් දිනු අඛිල ධනුද්දර නිවේදනයට, නර්තනයට වගේම ගායනයට දස්කම් දක්වන්නෙක්.

මේ වන විට ඔහු පෙම්වතෙක් බව කවුරුත් දන්නා කරුණක් නමුත් ඔහු විසින් පෙම්වතිය සමාජයෙන් වසන් කරනවාද යන්න ඇතැමෙක් විමසන කරුණක්.

ඒ නිසාම බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන අඛිලගේ පෙම්වතිය ගැන සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් ඔහු කියා තිබුණේ මෙවැන්නක්.

"මම පෙම්වතෙක් බව හැමෝම දන්නවා. මම යන එන තැන ඇයව එකතු කරගෙන යනවා. පෞද්ගලිකත්වය අනවශ්‍ය විදියට හෙළි කරන්න ගිහින් මම බැටකාලා තියෙනවා. ගිනි පෙනෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියනවානේ. එක වතාවක් පෙම්වතිය ගැන, ආදරය ගැන, විවාහ වෙලා ගෙවන ජීවිතය ගැන පවා එළිපිට කතා කළා. එත් අන්තිමට ඒ දේවල් ඔක්කොම නැති වුණා. දැන් මට ගොඩක් ආදරේ කරන, මාව හරියට තේරුම් ගත්ත පෙම්වතියක් මගේ ජිවිතේ ළඟ ඉන්නවා. ඉතිං ඇයි මම අතීතය වෙනුවෙන් හඬා වැටෙන්නේ."

අඛිල මීට පෙර නිරූපණ ක්ෂේත්‍රයේ නමක් දරා සිටින නිරූපණ ශිල්පිනියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙනවා.

නමුත් ඔහු පවසන්නේ මේ වන විට පෞද්ගලිකත්වය සහ වෘත්තීය ජීවිතය පටලවාගන්නේ නැතිව තමන් කටයුතු කරන බවයි.

කවදා හෝ හොඳ සල්ලිකාරයෙකු වීමේ අදහස කාලයක සිට තමන් තුළ පැවති බව පවසන අඛිල සිය පෙම්වතිය බිරිඳක් වූ පසුත් ඇයට සතුටින් ජීවත් වීමට පසුබිම ගොඩනගා දෙමින් දරුවන් ලබා හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවත් කියා සිටිනවා.

විවාහයට තව වැඩි කාලයක් බලාගෙන සිටිය යුතු නැති බව කියන්නටත් අඛිල අමතක කර නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news