සැප්තැම්බර් 11 ප්‍රහාරයේ ඇමෙරිකානු CIA සැලසුමක් එළියට?

 09/11/2017 - 06:45
715 reads

ඇමරිකා එක්සත් ජනපදයට සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවී වසර 16ක් සපිරෙයි.

2001 සැප්තැම්බර් 11 වැනිදා ත්‍රස්තයන් විසින් ගුවන් යානා උපයෝගි කරගනිමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර ඉන් දහසකට වැඩි පිරිසක් මිය ගියා.

ඇමරිකාවැසියන් අදටත් එම ප්‍රහාරය කිසිදා අමතක නොවන බව පවසමින්  සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ කරමින් සිටිනවා.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය යනු ලොවෙහිම දේශපාලනය කණපිට හැරවීමට සමත් වූ සිදුවීමක් ලෙසයි පැවසෙන්නේ.

ඔසාමා බින් ලාඩන්ගෙ අල් කයිඩා ත්‍රස්තවාදී සංවිධානය විසින් කළා යැයි කියවුනු මෙම ප්‍රහාරය  මැල්කම් හෝවාර්ඩ් නැමැති විශ්‍රාමික CIA  ඔත්තූ සේවයේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකුගේ පාපොච්ඡාරණයක් නිසා ගෝලීය දේශපාලනයේ නැවත කතාබහක් ඇතිව තිබෙනවා.

නමුත් මෙවැනි ප්‍රකාශයක් කර නොමැති බවත් එය 'අසත්‍ය' පුවතක් බවත් තවත් විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා.

මෙහි සත්‍ය අසත්‍යතව පිළිබඳ නිශ්චිත නොමැති මුත් ඇතැම් විදෙස් වෙබ් අඩවි පවසන ආකාරයට සිද්ධිය මෙසේයි.

මැල්කම් හොවාර්ඩ් ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පසුගිය ජූලි මස මුල් සතියේ රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා.

මැල්කම් හොවාර්ඩ් ජූලි 18 වන දින ලොවෙහිම අවධාණය දිනා ගත්තේ  මෙම පාපොච්ඡාරණයක් සමග බවයි  කියවෙන්නේ.

9/11 ප්‍රහාරයේදී ලෝක වෙළෙඳපොළ මධ්‍යස්‌ථානයේ හත් වැනි ගොඩනැඟිල්ල පුපුරුවා හැරීම සී. අයි. ඒ. සංවිධානය විසින් සැලසුම් සහගතව සිදු කළ පුපුරුවා හැරීමක්‌.

නිව්යෝර්ක්‌ නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වු  ප්‍රහාර හේතුවෙන් උතුරු හා දකුණු කුළුණු කඩා වැටීමෙන් පසුව එහි තවත් ගොඩනැඟිල්ලක්‌ද විනාශයට පත්වුණා.

මේ තුන්වන ගොඩනැඟිල්ලේ කඩා වැටීම සිදුවූයේ මුල් ගොඩනැඟිලි දෙක කඩාවැටීමෙන් ඇතිවූ කම්පනයත්, අධික තාපයත්, සුන්බුන් වැදීමෙනුත් බවයි ඇමරිකානු රජයේ පාර්ශ්වය විසින් ප්‍රකාශ කළේ.

එහෙත් 79 හැවිරිදි විශ්‍රාමලත් සී. අයි. ඒ. ඔත්තුසේවා නිලධාරී හොවාර්ඩ් පවසන්නේ 9/11 ප්‍රහාරයේදී ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ හත්වන ගොඩනැඟිල්ල පුපුරුවා හැරීම සී. අයි. ඒ. සංවිධානය විසින් සැලසුම් සහගතව සිදු කළ පුපුරුවා හැරීමක්‌ බවයි.

ඒ පුපුරුවාහැරීම සැලසුම් කිරීමට තමා සෘජුවම සම්බන්ධ වූ බවයි.

මැල්කම් හොවාර්ඩ් ක්‍රියාකාරී නිලධාරියෙකු ලෙස අවුරුදු 36ක කාලයක්‌ සී. අයි. ඒ. සංවිධානය වෙනුවෙන් සේවය කළ නිලධාරියෙක්.

ඔහු පවසන්නේ තමාගේ ඉංජිනේරුමය දැනුම හා බිඳහෙලීම් ක්‌ෂේත්‍රයේ පළපුරුද්ද නිසාම මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ සී. අයි. ඒ. නිලධාරියකු විසින් තමාව තෝරාගත් බවයි.

කුඩා ලයිටරයක මෙන්, තට්‌ටු අසූවක ගොඩනැඟිල්ලක පවා අති සූක්‌ෂම අන්දමින් පුපුරණ ද්‍රව්‍ය තැන්පත් කිරීමටත් තමාට විශේෂ හැකියාවක්‌ ඇති බව මැල්කම් හොවාර්ඩ් පැවසුවාලු.

සී. අයි. ඒ. සංවිධානයට  'ඉහලින් ලැබුණු නියෝග' ගොඩනැඟිල්ල සාර්ථකව බිඳ හෙළීමේ කාර්යය තහවුරු කරමින් සිටි ක්‍රියාකාරීන් හතර දෙනකුගේ එකතුවේ තමාද සිටි බව ඔහු කියයි.

එය පුපුරණ ද්‍රව්‍ය යොදා හොඳ සැලසුම් සහගතව කළ පුපුරුවා හැරීමක්‌.
අපි ඒකට පුපුරණ ද්‍රව්‍ය ලෙස යොදාගත්තේ හමුදා පාවිච්චියට යොදා ගන්නා හොඳම වර්ගයේ නැනෝතර්මයිට්‌ අමුද්‍රව්‍ය.
අපිට අමාරුම කාර්යය වුණේ මිනිසුන්ගේ අවධානයට ලක්‌ නොවී පුපුරණ ද්‍රව්‍ය රාත්තල් දහස්‌ ගණනක්‌, සේවානූල් සහ යාන්ත්‍රික උපකරණ මේ ගොඩනැඟිල්ලට ගෙනියන එකයි.
ඒත් ඒ හත්වෙනි ගොඩනැඟිල්ලේ හැම කාර්යාලයක්‌ම වගේ ඒ වෙනකොට සී. අයි. ඒ. සංවිධානය විසින් කුළියට අරන් තිබුණේ. ඒකෙන් වැඩේ පහසු වුණා.

ඇමරිකානු ඉතිහාසය වෙනස්‌ කළ 2001 සැප්තැම්බර් 11 වන දින නිව්යෝක්‌ ලෝක වෙළෙඳපොළේ උතුරු හා දකුණු ගොඩනැඟිලි ගිනිගන්නා අතරතුර ලෝක වෙළෙඳපොළේ 7 වෙනි ගොඩනැඟිල්ලේ වෙඩි නූල් වලටද ගිනි අවුලුවන්නට තම කණ්‌ඩායම කටයුතු කළ බව හොවාර්ඩ් පවසයි.
 
එවිට එහි වානේ සැකිල්ල බිඳ දමමින් ගොඩනැඟිල්ල පුපුරා ගිය බවත් සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළ 7 වෙනි ගොඩනැඟිල්ල එසේ පුපුරා ගියේ එහි පළමු ගොඩනැඟිලි දෙක පුපුරා ගොස්‌ පැය හතකට පසුව බවත් කියවෙනවා.

එහෙත් එරට රජය විසින් 9/11 ප්‍රහාරය පිළිබඳව නිකුත් කළ නිල ප්‍රකාශයේ කියවෙන්නේ අල්කයිඩා ප්‍රහාරයෙන් විනාශ වුණු ලෝක වෙළෙඳපොළ ගොඩනැඟිල්ලේ 1 හා 2 කුළුණුවල සුන්බුන් වැදීමෙනුත්, ඒ පිපිරීම්වල කම්පනයෙනුත්, පාලනය කරගත නොහැකි වූ ගින්නෙනුත් ඇතිවුණු බලපෑමෙන් මෙම ගොඩනැඟිල්ල කඩා වැටුණු බවයි.

කෙසේ වෙතත් මැල්කම් හෝවාර්ඩ් සිදු කළා යැයි පැවසෙන  පාපෝච්ඡාරණය හෝ ඒ පිළිබඳ පළවන 'පුවත්' පිළිබද ඇමෙරිකානු රජය තවමත් නිල යමක් ප්‍රකාශ කර ඇති බවක් වාර්තා වන්නේ නැහැ.

news24.lk
News24
sri lanka news 24
24 news