නිළියට වශී වී වගාව කලාව කරගත් ගොවියා

 09/09/2017 - 13:36
257 reads

දකුණුදිග ඉන්දියානාවේ  Jeremy Goebel නම් පුද්ගලයෙකු  තම බඩ ඉරිඟු වගාව තවත්  සොඳුරු කලාවක් බවට නිර්මාණය කරගෙන තිබෙනවා.

ඒ අනුව වගාවෙන් දක්වා ඇත්තේ Carrie Fisher නම් නිළිය බවයි ඔහු  පවසන්නේ. 

නිර්මාණයට ඔහු අවතීර්ණ වී ඇත්තේ පසුගිය පෙබරවාරියේදී.

Jeremy වගාවේ  පැල සිටුවා ඇත්තේ GPS උපාංගයක් සහිත යන්ත්‍රයක් භාවිත කරමින්.
 
Carrie Frances Fisher ඇමෙරිකානු නිළියක්.

ඇය වඩාත් ජනප්‍රිය වූයේ 1977 සිට තිරගත වූ Star Wars චිත්‍රපට මාලාවේ  Leia රජ කුමාරිකාවගේ චරිතය නිසාවෙන්.

1956 ඔක්තෝබර් 21 උපත ලද Carrie Fisher 2016 දෙසැම්බර් 27  මිය ගියා.

Star Wars මාලාවේ ඇය සහභාගී වූ  අවසන් චිත්‍රපටය වන Star Wars: The Last Jedi ලබන දෙසැම්බර් 15 එළිදක්වන බවයි ඇමෙරිකානු සමාගම පවසන්නේ.

Star Wars චිත්‍රපට මාලාවට ඇබ්බැහි වී සිටි තමන්ට එහි සිත්ගත් චරිතය වූ  Leia රජ කුමාරිකාවගේ මුහුණ සහ උඩුකය වගාවෙන් නිර්මාණය කිරීමට හැකි වූ බවයි Jeremy Goebel පවසන්නේ.

දිවංගත නිළියට  ගෞරවය දැක්වීමට හැකි වූ බවද ඔහු සිහිපත් කරනවා.

ඒ අනුව 'Carrie Fisher RIP 1956-2016' ලෙස ද එම නිර්මාණනයෙන් ම දැක්වූ බවයි ඔහු පවසන්නේ

Goebelගේ වගා  භුමිය  ඉන්දියානා හි Evansville කලාපයේ පිහිටා තිබෙනවා.

Princess Leia - Star Wars character

Carrie Fisher

 

news24.lk
News24
sri lanka news 24
24 news