මංගල උත්සවයට යන්න සල්ලි නැතිව දෙදරු මව කළ දේ

 09/07/2017 - 11:50
426 reads

මංගල උත්සවයකට සහභාගී වීම පිණිස සුදුසු ආර්ථික ශක්තියක් නොමැති වීම හේතුවෙන් සිය සැමියා සමඟ බහින් බස් වූ කාන්තාවක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වත්තල, පල්ලියවත්තේ කුලී නිවසක විසු තනුශිලා ලාලා නමැති 36 හැවිරිදි දෙදරු මවක්.

පසුගිය 02 වැනි දා දහවල් හුණුපිටිය දුම්රිය ස්ථානයට ආසන්නව මෙම සියදිවි හානිකර ගැනීම සිදුවී ඇතැයි සඳහන්.

මියගිය කාන්තාවට වයස අවුරුදු 04 1/2 ක සහ මාස 07ක සිඟිති පිරිමි දරුවන් දෙදෙනෙකු ද වෙයි.

සිද්ධිය සම්බන්ධ පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී පවත්වා ඇති අතර ඇය ජීවිතය ගැන කලකිරී දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇතැයි අනාවරණය වී ඇත්තේ.

කිරිබත්ගොඩ පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

උපුටාගැනීම - දිවයින (රිචඩ් ජී. සිල්වා)

news24.lk
News24
sri lanka news 24
24 news