ප්‍රසිද්ධ පුවත්පතක් වසා දමයි

 09/06/2017 - 17:14
1777 reads

කාම්බෝජයේ ප්‍රකට ස්වාධීන පුවත්පතක් ලෙස නම් දරා ඇති 'කාම්බෝදියා ඩේලි' පුවත්පත වසා දමා තිබෙනවා.

එයට හේතුව අගමැති හුන්සේන් ගේ මාධ්‍ය මර්දනය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පුවත්පතට ඩොලර් මිලියන 6.3ක බදු ගෙවීම සඳහා රජය සහන කාලයක් ද ලබා දී තිබෙන බව සඳහන්.

මේ පිලිබඳ අගමැති හුන්සෙන් පවසා ඇත්තේ බදු ගෙවන ලෙස පුවත්පත් වලට නියෝග කර ඇති බවත් එය ඒකාධිපති ක්‍රියාවක් බව පුවත්පත පවසා ඇති බවත් ය.

පුවත්පත වසා දැමීම නිසා මාධ්‍යවේදීන් 30කට රැකියා අහිමි වී ඇති අතර මෙසේ කාම්බෝදියා ඩේලි පුවත්පත වසා දමා ඇත්තේ වසර 24කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද පසුගිය මාසය තුළ ගුවන් විදුලි සේවා 18ක් ද වසා දමා ඇතැයි වාර්තා වානවා.

news24.lk
News24
sri lanka news 24
24 news