යාලේ අර්ජුනගේ ලිංගය කිඹුලෙක් ඩැහැගෙන

 09/06/2017 - 12:07
723 reads

ශ්‍රී ලංකාවේ දැනට සිටින දිගම දළ පූට්ටු ඇතුන් දෙදෙනාගෙන් එකකු වන 'අර්ජුන' නමින් ප්‍රකට සද්දන්තයාගේ ලිංගේන්ද්‍රයෙන් කොටසක් ඊයේ (05) දහවල් කිඹුලකු විසින් කඩා ගැනීම හේතුවෙන් එම ඇතා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා  වනවා.

අර්ජුන නමැති මෙම සද්දන්ත ඇතා ඊයේ දහවල් යාල ජාතික වන උද්‍යානයේ සිතුල්පව්ව අසල වැවකට බසිද්දී එම අනතුර සිදුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ වනජීවී නිලධාරියෙක් පවසා ඇත්තේ, ඇතකුගේ හෝ අලියකුගේ ලිංගේන්ද්‍රයෙන් කොටසක් කිඹුලකු විසින් කඩා ගැනීමේ සිදුවීමක් මින් පෙර වාර්තා වී නොමැති බවයි.

රුධිර වහනයත් සමඟ අධික වේදනාව හේතුවෙන් ඇතා කැලෑව බිඳගෙන හිස හැරුණු අතේ දුවමින් සිටින බව නිලධාරිහු කියා සිටිනවා.

උෟව වනජීවී කලාපය භාර ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් දෙකක් ඇතා සොයා ප්‍රතිකාර කිරීම සඳහා පිටත්ව ගිය බවයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

උපුටා ගැනීම - මව්බිම

news24.lk
News24
sri lanka news 24
24 news