ඇඟ පුරාම ටැටූ ගැසූ නූරි අවුරුදු 61න් මියයයි

 09/04/2017 - 12:15
307 reads

දිනෙන් දින වෙනස් වන විලාසිතා අතර 'පච්ච කලාව' (Tatoo) හිමිකරගන්නේ සුවිශේෂී ස්ථානයක්. ශරීරයේ යම් තැනක පච්චයක් කොටාගන්න බලාගෙන ඉන්න අය වගේම මේ කලාවට අකමැති පිරිසකුත් ඉන්නවා.

ඒ අතරේ විනෝදාංශයක් විදියට සිරුර පුරාම පච්ච කොටාගෙන සිටි කෙනෙක් තමයි ජුලියා නූසි (Julia Gnuse) කියන්නේ. කැලිෆෝනියාවේ සිටි නූසිගේ විනෝදාංශය සිරුර පුරා ටැටූ ගසා ගැනීමයි.

වයස අවුරුදු 30 දී පළමු ටැටුවට හිමිකම් කියන ඇගේ සිරුරෙන් 95%ක් ම වැසී තිබෙන්නේ ටැටූ දොළොස්දහසකින් පමණක් බවත් සඳහන්. මේ නිසාම 2011 වසරේ ගිනස් වාර්තාවකට ද හිමිකම් කියන නූරි පවසා ඇත්තේ තමන්ගේ සමේ ඇති රෝගයකට මෙසේ සිරුර පුටා ටැටූ ගැසූ බවයි.

කෙසේ නමුත් සමේ රෝගී තත්වය නිසාම පසුගිය අගෝස්තු 01 වැනිදා ඇය මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 61ක් බවත් සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news