නිරුවත් සොරෙක් - කොල්ලකන ගමන් හැංගෙයි - CCTV -

 09/02/2017 - 11:29
303 reads

හලාවත - ඩී.එම්. ද සිල්වා මාවතේ නිවසට නිරුවතින් ඇතුළු වන අයෙකු එම නිවසේ තිබූ මුදල් සහ රන් ආභරණ සොරකම් කරන ආකාරය CCTV දර්ශණවල සටහන්ව තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා (31) වැනිදා අළුයම 1.55 ට පමණ  සැකකරු නිවසට ඇතුළුවී ඇති බවයි පැවසෙන්නේ.

නිවසේ හිමිකරු  අවදිවී විදුලි පහන් දල්වන අවස්ථාවේදී සොරා  සැගවෙන ආකාරයද ආරක්ෂිත කැමරා වල සටහන්ව තිබෙනවා.

රෙදි කඩකින් හිස ආවරණය කරගෙන බෑගයක් කරේ එල්ලාගත් නිරුවත් සැකකරු  ගෙන නිරුවතින්  රපියල් ලක්ෂයක් පමණ වටිනා රන් ආභරණ සහ රුපියල් ලක්ෂ 1 ½ ක මුදල් කොල්ලකා ඇති බවයි නිවසේ හිමිකරු හලාවත පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

සැකකරු හඳුනාගෙන නොමැති අතර  හලාවත පොලීසිය විමර්ශන පවත්වනවා.

(පුත්තලම - ජුඩ් සමන්ත)

news24.lk
News24
sri lanka news 24
24 news