ජැකලීන්ගේ අමුතු නැටුම - වීඩියෝව මෙන්න

 08/13/2017 - 16:48
467 reads

මේ දිනවල බොලිවුඩ් පුරවරයේම අවධානය යොමු වෙලා තිබෙන්නේ 'අ ජෙන්ට්ල්මන්' චිත්‍රපටයේ අපූරු නර්තනයක යෙදෙන ජැකලින් ෆර්ඩිනන්ඩ්ස් වෙතයි.

'පෝල් ඩාන්ස්' ලෙස හඳුන්වන එම නර්තනාංගය දකිද්දී සිහිපත් වන්නේ ජිම්නාස්ටික් ශෛලියයි.

අගෝස්තු මස අග සතියේ තිරගතවීමට නියමිත මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කෙරෙද්දී ජැකලීන් සිට ඇත්තේ බොහෝ පිරිසක් ඉදිරියේ පෝල් නැටුම ඉදිරිපත් කරමින්.

කණුවක නැග ඒ වටා කරකැවෙමින්, අත පය විහිදුවමින් කරන මෙම නර්තනාංගය ඉතා අපහසු බවත් එය නැරඹු බොහෝ දෙනා උද්යෝගයෙන් යුතුව එය නරඹා ඇත්තේ ඔවුන් කවදාවත් එවැන්නක් දැක නොතිබූ බැවිණි.

නොසිතු මොහොතක කණුව අත හැරී ඇය බිම ඇද වැටී තිබෙනවා.

වේදනාව දරාගෙන සිනා මුසු මුහුණින් යුතුව ඇය සමාජජාල වෙබ් අඩවි වල පලකළ තිබු ජායාරූප හැම දෙනාගේම ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

ජැකලීන් මෙහි සිද්ධාර්ත් මල්හෝත්‍රා සමඟ රංගනයේ යෙදෙන්නේ මෙතෙක් රඟ නොපෑ ආකාරයේ චරිතයක් බවද කියවෙනවා.

සිය නර්ථනය අතරතුර ජැකලින් ඇද වැටුණු ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments