මේනක - නෙහාරා බොස්ටන් වල ගත කරන ජීවිතේ මෙන්න

 08/13/2017 - 15:52
2984 reads

කලා ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටි යුවළක් වන මේනක - නෙහාරා මේ දිනවල ජීවත්වෙන්නේ ඇමරිකාවේ.

ඔවුන් දෙදෙනා බොස්ටන් නුවර ගතකරන ජීවිතය ගැන සඳැල්ල පුවත්පතට අදහස් දක්වමින් කියා තිබෙනවා.

"රාජකාරී මට්ටමින් කාර්යබහුල වුවත් මෙහි ගතකරන ජීවිතය අපට පීඩනයක් ගෙනදෙන්නේ නැහැ. මොන දේ කළත් ජීවිතයට දැනෙන්නේ සැහැල්ලුවක්. අපි දෙන්නා වැඩකටයුතු බෙදාහදා ගනිමින් සහයෝගයෙන් කටයුතු කරනවා. ඇත්තෙන්ම මෙහි ගෙවන ජීවිතය හරිම නිදහස් වගේම සතුටකුත් තියනවා."

නෙහාරා තම ශරීරයේ නම්‍යශීලීත්වය ගැන සිතන නිසා ව්‍යායාම වල යෙදෙන බවද කියා තිබෙනවා.

ව්‍යායාම කරන එක ගැන මේනක පවසන්නේ මෙවන් දෙයක්,

" මම නම් ටිකක් මහත් වෙලා, මොකද ව්‍යායාම ටිකක් අඩු වුණ නිසා. දැන් ආයෙමත් ව්‍යායාම පටන් ගන්න ඕනෑ."

සියලු කටයුතු තනිවම කරගන්නට සිදුවී ඇති බවයි නෙහාර කියන්නේ.

"මෙහේ වැඩට කියලා කවුරු නැති නිසා අපේ වැඩ අපිම කරගන්නවා. දැන් ඒ සියල්ලට හුරුවෙලා."

ඔවුන් දෙදෙනාම එකතුව අලුත් වැඩකට මුලපිරීමට සුදානමින් සිටිනා බවයි මේනක අදහස් දක්වමින් කියා තිබෙන්නේ.

ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉදිරියේ දී ඒ ගැන දැනුම් දෙන්නටයි.

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් ඇමරිකාවේ දී ලබාගත් ජායාරූප පහතින් නරඹන්න.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments