මගුල බෑ කිව්වයි ගුරුවරියට පිහියෙන් අනී

 08/13/2017 - 10:31
180 reads

මංගල යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියක් ඉන්දියාවේ තමිල්ණාඩු ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අසල්වැසි කාන්තාවකට විවාහ යෝජනාව කර ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි.

යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා  ප්‍රහාරයට ලක්ව ඇත්තේ ගුරුවරියක්.

පහර කෑමෙන් කාන්තාවගේ අතට බරපතල තුවාල සිදුව ඇති අතර ඇය රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතකර ඇතැයි වාර්තා වනවා.

news24.lk
News24
sri lanka news 24
24 news