රවී සමග 8ක් ඉල්ලා අස්වෙයි

 08/11/2017 - 16:12
3994 reads

රවී කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දේශපාලන කරළිය තරමක් නිහඬ ස්වරුපයක් ගෙන තිබෙනවා.

රවී කරුණානායක මහතාට පමණක් නොවෙයි ලෝක නායකයන් කිහිපදෙනෙකුට සහ විවිධ රටවල ප්‍රබල අමාත්‍යවරුන් කිහිපපොලකටම පසුගිය කාලය එතරම් සුබ වුණේ නැහැ.

01. ඕස්ට්‍රේලියානු මානව සම්පත් කැබිනට් අමාත්‍ය මැතිව් කැනවන් (Matthew Canavan) පසුගිය ජූලි 25 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඔහුට එරෙහිව ද්විත්ව පුරවැසි චෝදනාවක් එල්ල වූ අතර ඉතාලි පුරවැසි භාවයක් ඇති බවට තහවුරු වීමත් සමග ඔහුට ඉවත්වීමට සිදුවුණා.

02. ජූලි 28 වැනිදා පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂෙරිෆ් (Nawaz Sharif) ද සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.ඒ එරට ශේෂ්ඨාධිකරණය විසින් සිදුකල පරීක්ෂණයකින් අනතුරුව දුෂණ චෝදනා ඔප්පු වීමත් සමගයි.

03. අගෝස්තු 10 (ඊයේ) යුක්රේන  නියෝජ්‍ය සුව අමාත්‍ය ඔක්සනා ස්වාක් (Oksana Syvak) මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා ඉවත්වන බව නිවේදනය කළා. කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට නොහැකි වාතාවරණයක් ඇතිවීම තුළ ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

04. ටොමොමි ඉනඩා (Tomomi Inada) , ජපාන ආරක්ෂක අමාත්‍යවරිය පසුගිය ජූලි 28 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.ඇය ජපන් දේශපාලනයේ තරුවක්. එම ඉල්ලා අස්වීමෙන් පසුව රටේ දේශපාලනික වූ ජාත්‍යන්තර ආරක්ෂක වැඩසටහන් තවමත් අඩපණ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

05. ජූලි 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඉන්දීය බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් (Nitish Kumar) ඉල්ලා අස්වුණේ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ සන්ධාන තුළ ඇතිවූ දේශපාලන අර්බුදයක් හේතුවෙන්.

06. කැරිබියානු දූපත් රාජ්‍යක් වන ශාන්ත ලුසියා හි කෘෂිකර්ම අමාත්‍යවරයා වූ ජිමි හෙන්රි (Jimmy Henry) ජූලි 13 වැනිදා ඉල්ලා අස්වුණේ පෞද්ගලික හේතුවක් නිසා බව පවසමින්. සෙනෙට්ධු රයෙන්ද ඉල්ලා අස්වූ ඔහු දේශපාලනයෙන් සමුගෙන තිබුණා.

07. අගෝස්තු 9 වැනිදා සිංගප්පුරුවේ කතානායිකාව වූ හලිමා යාකොබ් (Halimah Yacob) සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඊට හේතුව ලෙස ඇය දක්වා සිටියේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් තමා ඉල්ලා අස්වූ බවයි. එරට ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඇය ඉල්ලා අස්වූ බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් අද වාර්තා කළේ.

08. පසුගිය ජූලි 17 වැනිදා මැඩගස්කර් රාජ්‍යයේ මුදල් අමාත්‍යවරයා (ගැවිස් රකොටමිනා - Gervais Rakotoarimanana) ඉල්ලා අස්වුණා. ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති විශ්වාසය බිඳී යාමත් , නව ආර්ථික ප්‍රතිපත්ති හා යෝජනා පිලිබදව දෙදෙනා අතර පැවති මතභේද මෙම ඉල්ලා අස්වීමට හේතු වී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news