ඩොලර් මිලියන 2ක අල්ලසක්‌ ඉල්ලූ ආර්ථික සංවර්ධන ඇමැති අත්අඩංගුවට

 08/11/2017 - 12:11
806 reads

තෙල් සමාගමක්‌ අනුමත කිරීම සඳහා ඩොලර් මිලියන දෙකක අල්ලසක්‌ ඉල්ලා සිටි රුසියාවේ ආර්ථික සංවර්ධන ඇමැති ඇලෙක්‌සි උලිකායෙව් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගැනීම ජනාධිපති වැලැඩ්මීර් පුටීන් අනුමත කර තිබේ.

අල්ලස්‌ චෝදනාවන් සම්බන්ධව අත්අඩංගුවට ගත් මුල්ම ඇමැතිවරයා මොහුයි.

ජනාධිපතිගේ සමීපතම හිතවතකු වූ අලෙක්‌සි පසුගිය නොවැම්බර් මස සිට නිවාස අඩස්‌සියේ පසුවිය.

ආර්ථික සංවර්ධන ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය නිසා රුසියාවේ දේශපාලන ක්‌ෂේත්‍රය බරපතළ කම්පනයකට ලක්‌වී ඇත.

මෙම චෝදනාවට ඇලෙක්‌සි වරදකරු වූවොත් වසර 15 ක සිරදඬුවමක්‌ නියම වේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news