හෘදයාබාධ වළක්වා ගැනීමට නව එන්නතක්

 06/21/2017 - 07:01
229 reads

හෘදයාබාධ වළක්වා ගැනීම සඳහා රුධිරයේ පවතින ‘කොලෙස්ටරෝල්’ ප්‍රමාණය පාලනය කළ හැකි නව එන්නතක් නිපදවීමට කියුබාවේ හවානා වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙම එන්නත මීයන්ට ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දී ඇති අතර එය මිනිස් සිරුරට එන්නත් කර එහි සාර්ථකත්වය අධ්‍යයනය කෙරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව, මේ වන විට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් හැත්තෑ දෙදෙනෙකුට  එන්නත ශරීර ගත කර ඇති බව සඳහන්.

එම එන්නත මගින් රුධිර නාල තුළ මේදය තැන්පත්වීම වළක්වාලනු ඇති.

හෘදයාබාධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දිනපතා පෙති වර්ග භාවිතා කිරීම වෙනුවට වසරකට වරක් මෙම එන්නත ලබා දීමෙන් දිගු කාලීන ආරක්ෂාවක් ලබා ගත හැකි බව සඳහන්.