දෙවිවරු වගේ මිනිස්සු

 06/19/2017 - 17:44
546 reads

රොෂාන් අහංගම මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ මෙම සටහන අප විසින් මෙලෙස උපුටාගෙන පළකරනු ලබන්නේ ඉන් ලබාගත හැකි පාඩම් සහ ආදර්ශයන් බොහෝ තිබෙන නිසායි.

මෙහි මාතෘකාව ලෙස දෙවිවරු වගේ මිනිස්සු යන්න භාවිත කලේ ද අදාළ පෝස්ට්ටුවට යටින් බොහෝ දෙනා අදාළ සිදු වීම සහ  මැදිහත් වීම අගය කර තිබුණේ ඒ අයුරින් නිසාවෙනි.

" මීට හෝරාවකට දෙකකට කලින් අතුරුගිරිය අධිවේගී පිවිසුම හා කඩුවෙල කොතලාවල පිවිසුම අතර වු අධිවේගී මාර්ගයෙහි පාලම පටන් ගන්නා තැන දරුණු රිය අනතුරක් සිදු විය.කුඩා මෝටර් රථයක් අනතුරට ලක්වූ බව හැගුන මා (මා සිටින නිවස ඉදිරිපිට)නිවසේ සිට අඩිවිස්සකට වැඩි උසකින් වූ අධිවේගී මාර්ගයට දිව ගියේ කාන්තාවකගේ විලාපය අතර තුරය. අනතුරට ලක්වූ කුඩා මෝටර් රථයක රෝද හතර අහස දෙස බලා සිටි අතර අනතුර දෙස බලමින් නොනවත්වා ඉබි ගමනේ යන වාහන අතරින් එක් වාහනයක් නවත්වා ගත් මා එහි වූ කාරුණික මහත්වරු දෙදෙනෙක්ගේ සහය ඇතිව අනතුරට ලක් වූ රථයේ දොරවල් කඩා දමන්නට විය.

දරුවන් දෙදෙනෙකු හා ඔවූන්ගේ මවත් පියාත් මිත්තනියත් මාරක තුවාල ලැබූ රියදුරුවූ දරුවන්ගේ බාප්පාවත් අනතුර වූ වාහනයෙන් දැඩි වෙහෙසක් දරා එලියට ගත් අප අධිවේගයේ ගිලන් රථය හා නිලධාරීන් ගෙන්වා ගැනීමට කඩිනම් විය. අනතුර වූ රථයේ තිබු ළදරු මල්ලේන් රෙදි කෑලි ගෙන අනතුරට ලක්වුවන්ගේ කැඩුන බිදුන පිපුරුණ තුවාල වලින් වේගයෙන් ගලන රුධිරය නවතා දමන්නට අප දන්නා පමණින් වෙළුම් යෙදුවෙමු.

ලෙයින් නැහැවී සිටිි සිගිත්තාව අතවූ විදිලි පන්දම් එළියෙන් හොද හැටි පිරික්සූ මා ඔහුට සීරීමක් වත් නොමැති බැවින් අපට ලන් වූ කාන්තාවකට දී මාරාන්තික තුවාල කරුට වැඩි අවදානයක් යෙදවිය. තෙරුවන් සරණින් අනතුරින් කිසිවෙකුට එවන විට ජිවිත හානියක් නොවිය.මිනිත්තු තිහක් යන්නට පෙර අනතුරට ලක් වුවන් රෝහල කරා යැවීමට අපට හැකිවිය.ඒවනවිටත් අධිවේගයේ අනතුර නරබමින් ඉබිගමනින් ගමන් ගත් බොහොමයක්ද වාහන නවතා ලංවූ අයද ගම් වැසියන් සමහරක්ද චායාරුප ගැනීමට වීඩියෝ කිරීමට සෙල්පි ගැනීමට නොසැහෙන තරගකාරී වෙහෙසක් දරමින් සිටියේය.මා හිතවත් ගම් වැසියෙකු මා අසලට පැමිණ " මල්ලි ඔයාට නම් හෙට පත්තරේට හොද සින් එකක් දාන්න පුළුවන් " යැයි පවසද්දී අනතුරට ලක් වූ රථයේ දොරවල් කැඩීමට මවිසින් ගෙනා පසෙක වූ අලවංගුව ගෙන මේකාට දෙකක් අනින්නට සිත්විය.මේ වන විටත් මා අත ලේ තැවරී තිබුණු බැවින් එය හිතලුවක් පමනක්කොට හිතේ සගවා ගන්නට විය. පත්තරකාරයෙකු වූ මට මේ සිදු වීම පත්තරයට රුපවාහිනී නාලිකාවකට වෙබ් අඩවියකට කඩිනමින් දැනුම් දීමට හෝ අනතුර වීඩියෝ කරගෙන වැඩි ඉල්ලුමකට නාලිකාවකට වෙබ් අඩවියකට විකිනීමට තරම් සිතක් පහල නොවිය.මම හොද පත්තර කාරයෙක් නොවුනට කම්නැත. අනතුර සිදුවී දැන් පැය ගණනක් ගොසින්ය .ලෙයින් නෑවුන සීරීමක් වත් නොවූ දරුපැටියා තවමත් මගේ පපුවට ගුලිවෙයි.ඒ මුණ මට වරින් වර මැවි පෙනෙයි. "

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.