අවුරුදු 17 කට පසු ගාල්ලට ලැබුණු දේ

 06/18/2017 - 09:21
325 reads

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා යොදා ගන්නා බව  බොහෝ දෙනෙක් දන්නා කාරණාවක්.

1998 වසරේ ජූනි 3 වනදා ආරම්භ වූ ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගය එම ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරගයයි.

 මේ දක්වා ගාලු ක්‍රීඩාංගනයේ පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 29ක්

 එහිදී වැඩි තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ටෙස්ට් තරග වැඩි වශයෙන් ක්‍රීඩා කරන ගාල්ල ක්‍රීඩාංගනයේ  පළමු එක් දින තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 1998 වසරේ ජුනි 25 වනදා පැවැත්වුණා.

එම ක්‍රීඩාංගනය අවසන් වරට එක් දින තරගයක් පවත්වා ඇත්තේ 2000 වසරේ ජූලි 6 වනදා දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතරයි.

එම තරගයෙන් වසර 17 කට පසුව ගාල්ල ක්‍රීඩාංගනයේදී යළිත් එක් දින තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමිව තිබෙනවා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරඟ සංචාාරයේදී

දෙරට අතර පළමු තරගය ජූනි 30 වනදාත් දෙවන තරගය ජූලි 2 වනදාත් ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.