නිවස බිඳූ සැකකරු රඹුටන් ලෙල්ලෙන් හමු වූ හැටි

 06/17/2017 - 10:48
761 reads

උඩුගම දකුණු පියතිලක මාවතේ නිවසක්‌ බිඳ මුදල් හා රන් භාණ්‌ඩ සොරකම් කළ සැකකරුවකු ගාල්ල පොලිසියේ නිල සුනඛ ඒකකයේ ආටිස්‌ නැමති නිල සුනඛයාගේ සහයෝගයෙන් අල්ලාගෙන ඇත.

මෙකී නිවසට ඇතුල් වූ සැකකරු නිවසේ ඉදිරිපිට තිබූ රඹුටන් ගසට නැඟ රඹුටන් කඩාගෙන කා තිබේ. පසුව නිවසේ දොරට පා පහරක්‌ එල්ලකොට ඇති අතර එහිදී දොර කැඩී තිබේ. පසුව සැකකරු රඹුටන් ගෙඩි කෑමට ගනිමින් රඹුටන් ලෙලි නිවසේ දමා තිබේ. නිවසේ තිබූ මුදල් රු. 42000ක්‌ හා රන් භාණ්‌ඩ සැකකරු විසින් සොරකම් කොට පලාගොස්‌ තිබිණි.

ඉකුත් 13 වැනි දින ආටිස්‌ නමැති නිල සුනඛයා සොරුන් විසින් බිඳිනු ලැබූ නිවසට ගෙන ගොස්‌ තිබේ. ඒ මෙම පොලිස්‌ නිල සුනඛයා රැක බලා ගන්නා පොලිස්‌ කොස්‌තාපල් (54387) ගුණදාස නමැති නිලධාරියා විසිනි. ආටිස්‌ නිවසට ඇතුල් වී සැකකරු විසින් කා බිම දමා තිබූ රඹුටන් ලෙලි ඉව කොට ඇත. රඹුටන් ලෙලි වලින් ලබා දුන් ඉව ආටිස්‌ නිවසින් එළියට පැමිණ ටික දුරක්‌ ගමන් කරනවිට ත්‍රී රෝදයක්‌ පැමිණ තිබේ. ආටිස්‌ එකවරම එම ත්‍රී රෝද රථයට කඩා පැන ඇත. එම ත්‍රීs රෝද රථයේ සිට ඇත්තේ මෙකී නිවසට ඇතුල් වී මුදල් හා භාණ්‌ඩ සොරකම් කළ සැකකරුය. පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මොහු මෙම සොරකමට සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.

සැකකරු ආටිස්‌ නමැති නිල සුනඛයා බැලීම සඳහා මෙම නිවස අසලට පැමිණි අවස්‌ථාවේ දීද පොලිස්‌ නිල සුනඛයා සැකකරුගේ ඇඟට පැන තිබේ.

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.