ඥානසාර හිමි සැඟවී සිටිය හැකි තැන් මෙන්න

 06/17/2017 - 10:21
1200 reads

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ දිනවල වඩාත් කථාබහට ලක්ව ඇති චරියක්.

පසුගියා දා උන්වහන්සේට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට ද කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ , නඩු විභාගයට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

කෙසේ වෙතත් මේ වන විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩවසන ස්ථානයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නැහැ.

ඒ අනුව උන්වහන්සේ වැඩ වසන තැන සම්බන්ධයෙන් සමාජයේ මේ වන විට වැඩි කතා බහක් ඇතිව තිබෙනවා.

මේ අතර ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිළධාරී ඩිලන්ත විතානගේ මහතා ඥානසාර හිමි සැගව ඇති බවට ඇතැමුන් පවසන ස්ථාන සම්බන්ධයෙන් අදහස් පල කළා.

එහිදී ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුව ඥානසාර හිමි සඟවා සිටින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටි බවයි.

චම්පික රණවක අමාත්‍යවරයා උන්වහන්සේ සඟවා සිටින බවට තිස්ස විතාරණ මහතා පැවසූ බවත් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා උන්වහන්සේ සඟවා සිටින බවට ඇතැම් මුස්ලිම් නායකයින් පැවසූ බවත් ඩිලන්ත විතානගේ මහතා පෙන්වාදෙනවා.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද උන්වහන්සේ සඟවා සිටින බවට ඇතමුන් පවසන බවයි හෙතෙම සඳහන් කළේ.

කෙසේවෙතත් එම සියලු ප්‍රකාශ  තරයේ ප්‍රතික්ෂේප කරන බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිළධාරී ඩිලන්ත විතානගේ මහතා අවධාරණය කර සිටියා.

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.