"සියලු ජාතිවාදීන් මහින්ද සමඟයි" - ලාල් කාන්ත කියයි

 06/16/2017 - 09:38
758 reads

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සියලු ජාතිවාදී පුද්ගලයින් එක්ව කටයුතු  කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා

එම පක්ෂයේ කේ.ඩී. ලාල් කාන්ත මහතා ඊයේ අනුරාධපුර පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මෙම අදහස් පළ කළා.

ජාතිවාදී කතාව ලේසි නෑ ... ඉතාම බරපතල කාරණයක්. 

දැන් අපටත් තියෙනවා  සමහර වෙලාවට අපි සිංහල ජාති වාදය පැත්ත  අරං  වැඩ කරා  කියලා. අපි එහෙම වැඩ කරලානෑ .....කවදාකවත්.......
අපි කරේ මේකයි....
ජාතිවාදී වෙන්ට ඉඩ තියෙන අය.... ජාතිවාදී වෙන්ට ඉඩ නොතබා.... අපි අපේ ව්‍යාපාරය ඇතුළේ හංගලා..යට ගහලා ...ඔළුව උස්සන්න බැරි වෙන්න  තියා  ගත්තා...

මහින්ද රාජපක්ෂ වටා ඔය කියන සියලු ජාතිවාදී බලවේග පෙල ගැහුණා....  
එකේ නායකත්වය හැටියට  ඒ ගොල්ල තෝර ගත්තේ කව්ද?... මහින්ද රාජපක්ෂ ....

ඒ නිසා තමයි අර  ව්‍යවස්ථාවක් ගැන කතා කරද්දී ඒකේ තියෙන්නේ මොනාද කියලා දන්නෙත් නැතුව... ලියලත් නැති කාල  වලදී පවා අරව දෙන්න යනවා.. මේවා දෙන්න යනවා කියලා... ජනතාව අතර මත හදමින්.... ජාතිවාදය ..එනවා.