සංධ්‍යා එක්නැළිගොඩ මුහුදට පනියි

 06/15/2017 - 17:37
32306 reads

ත්‍රිකුණාමල ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක යෙදී සිටි 'අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක්' අතරින් කිහිපදෙනෙකු අද  මුහුදට පැන ඇති බව වාර්තා වනවා.

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැල්ලිගොඩ මහතාගේ බිරිඳ ද මුහුදට පැනීමට තැත් කළ පිරිස අතර වන බව සඳහන්.

අනතුරුව එම සත්‍යග්‍රහයේම නිරත වූ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් විසින් ඔවුන් බේරාගෙන ඇති බවයි NEWS24 වාර්තාකරු සඳහන් කළේ.

සත්‍යග්‍රහයේ නිරත වන පුද්ගලයින් පවසන්නේ තම අතුරුදන් වූ ඥාතීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ආණ්ඩුව මැදිහත් නොවන බවයි.

තම ඉල්ලීම්වලට ආණ්ඩුව පිළිතුරු ලබා නොදුන් බවට චෝදනා කරමින්  පවසමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් ත්‍රිකුණාමල ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට  අඛණ්ඩ  සත්‍යග්‍රහයක නිරතවනවා.