වැඩිමල් කතකට මව් පදවිය දුන් 16ක පුංචි තාත්තා

 06/15/2017 - 13:21
2654 reads

බුකියෙන් තොර ලෝකයක් දැන් හොයා ගන්නටවත් බැහැ.
බුකියේ  කරක් ගැහුවොත් එක එක 'පැලැන්තියේ' කට්ටිය  මුණ ගැහෙනවා.
බුකියෙන් ජිවිතේ ගොඩ ගිය උදවිය වගේම.... ජීවිතේ විනාශ කරගත්තු අයත් ඉන්නවනේ.

ඇතැම් අයට බුකිය අමතක නොවන්නේ  ආදර කතා නිසා  වෙන්නට පුළුවන්.

FB ආදර කතා ගැන කියවෙන කොට දුක හිතෙන, හද කම්පාකරවන දේවල් කිහිපයක්ම අපේ රටේ සිද්ධ වුණා පහුගිය දවස්වල.

මේකත්  මුහුණු පොතේ  ආදර අන්දරයක්. හැබැයි ටිකක් වෙනස් කතාවක්. මේ එංගලන්තයෙන් වාර්තාවන දෙයක්.

මුහුණු පොතෙන් හමුවූ අවුරුදු 16ක ගැටවරයෙකුට 31ක් හැවිරිදි තරුණියක් පෙම් බැන්ඳා. අවසන් ප්‍රතිඵලය තරුණිය මව් පදවිය ලැබුවේ දරුවාට අවුරුදු 16ක පියෙක් ලබා දෙමින්.

ඇය  Kathleen Martin.  16යේ පියා Jack Fucile.

ඔවුනට මාස 8ක ඇවෑමෙන්  දරුවෙකු ලැබුණා.

Kathleen Martin සහ Jack Fucile මුල් වරට දැන හඳුනාගන්නේ  2015 වර්ෂයේදී. ඒ මුහුණු පොතෙන්.

ඔවුන්ගේ සම්බන්ධය ආදරයක් බවට පත්වුණා.  Kathleen Martin ගැබ් ගත්තා. මාස අටකට පමණ පසු Kathleen
ප්‍රසූත වේදනාවට  පත්වුණා

රෝහලට ගෙන යෑමට තරම් කාලයක් තිබුනේ නැහැ .

තරුණයා රෝහලට දුරකථනයෙන් සම්බන්ධ වී විස්තර දැනගනිමින් දරුවා නිවසේදී ප්‍රසූත කරවීමට කටයුතු සැළසුවා.

බිළිඳා සහ මව යහපත් සෞඛ්‍යය තත්වයෙන්.

මෙය ඇයගේ 3 වෙනි දරු උපත බව  කියන්නේ.