කුල ප්‍රශ්නය නිසා යාපනයේ වැසියන් කිසිදු රෝහලකට ‍ලේ නොදෙයි - හමුදාව පෝලිමේ ලේ දෙයි

 06/14/2017 - 07:19
551 reads

යාපනයේ ‍ලේ බැංකුවල  ‍ලේ හිගයක් පවතින බවට යාපනය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධානීන් හමුදාවට දන්වා ඇති බවට වාර්තා වුණා. එමගින් රෝහල් බලධාරීන් ඉල්ලා ඇත්තේ ලේ පරිත්‍යාගයන් ලබා දෙන ලෙසයි. මෙම ඉල්ලීම කර තිබුනේ පොසොන් ‍පොහෝ දිනය වෙනුවෙන්.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් යාපනය රෝහල් ප්‍රධානීන් ඉල්ලීම කර තිබුණා.

ඒ අනුව යාපනයේ සෙබළුන් දෙසීයක් පමණ බස් රථවලින් ගොස්   ‍ලේ පරිත්‍යාග කළා.

පසුගිය බ්‍රහස්පතින්දා (08) හමුදා සෙබළුන් ‍ලේ පයින්ට් 170ක්දී  පරිත්‍යාග කර තිබෙනවා.
පසුගිය සිකුරාදා (09) ලේ පයින්ට් 100කට වැඩියි.

වසරේ මේ වන විට ලේ පයින්ට් දහසක් පමණ පේදුරුතුඩු, තෙලිප්ප‍ලේ, චාවාකච්චේරි, පලෙයි, අච්චුවේලි මෙන්ම  යාපනය මහ රෝහලට  ලබාදී ඇති බවමේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසා තිබුණා.
 ‍
යාපනය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධානීන් පොසොන් ‍පොහෝ දිනය වෙනුවෙන්  යුද හමුදාවේ සහාය ඉල්ලා ඇත්තේ යාපනය වැසියන් අතර පවතින සමාජ ගැටළුවක් මුල් කර ගනිමින්.

උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් ලේ පරිත්‍යාග කිරීමට තම සාමාජිකයන් ඉදිරිපත් වූ බව හමුදා ප්‍රධානීන් පෙන්වා දෙනවා.

 කුල ප්‍රශ්නයක් හේතු කර ගනිමින් උතුරේ ජනතාව අතර ලේ පරිත්‍යාග කිරීමට කිසිදු රෝහලකට ඉදිරිපත් නොවන බවයි කියවෙන්නේ.

හමුදා භට පිරිස් ලේ දන් දීමට නොසිටියා නම් උතුරේ රෝගීන් මුහුණ දෙන අර්බුදය ගැන සිත ගන්නට අපහසුවක් නැත.

හමුදාවේ පරිත්‍යාගය ගැන ජනයුගය වාර්තා කළේ මෙලෙසින්..