ඇතින්න පහර දීමෙන් අපවත්වූයේ "සංගීත උපාධිය ගත් ලොව ප්‍රථම හිමිනම?"

 06/13/2017 - 21:38
1632 reads

පෙරහැරට රැගෙන ආ ඇතින්නක් පහරදීමෙන් සාමනේර හිමිනමක් අපවත් වීමේ පුවතක් ඉකුත්දා කටාන ප්‍රදේශයේ දී පෙරහරක ගමන් ගත්  ඇතින්නක්  කුලප්පු වී හිමිනමකට පහර දීමෙන් උන් වහන්සේ අපවත් වූ බව වාර්තා වුනා.

අනතුරට ලක් වුණේ   ශ්‍රී වර්ධනාරාම විහාරාවාසී  26 හැවිරිදි රාහුල හිමියි.

උන් වහන්සේ පිළිබඳ  ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති පූජ්‍ය කරාබේ සුමන හිමියන් සඳහන් කළේ ...

...රාහුල හාමුදුරුවන්ට  වෙච්ච දේ මට දායක මහත්තයෙක් ඇවිත් කිව්වේ ... මම යනකොට රාහුලට ඇතින්න පහර දීලා.... සිවුරත් ඇදලා දාලා තිබ්බේ. ඇතින්න දනිස්ස නවලා ඉහ තද කරලා ආයේ ඇතින්නගේ දකුණු කකුලෙන්  පපුව පාගලා තිබ්බා.... පිටින් තුවාල මුකුත් නෑ. අපි මීගමුව රෝහලට අරන් ගියා. වෛද්‍යවරුන් කිවුවා පොඩි හාමුදුරුවන්ගේ පපුව පුපුරලා බඩවැල්වටත් හානිවෙලා කියලා. මම රාහුලව අතගාන ගමන් පිරිත් දේශනා කළා. ඒත් මට තේරුනා රාහුලගේ බඩ ඇතුලට ලේ ගලනවා කියලා. සාමනේර කාලේ ඉදලම රාහුලට හොදට කවිබණ කියන්න පුළුවන්. එයා කවිබණ කියලා බෝධිපූජා තියන්න හරි කැමතියි....රාහුල හිමි  මට කිවුවා ලොකුහාමුදුරුවනේ මම කොහොමහරි සංගීතය ඉගෙන ගන්නවා කියලා.... සංගීතයට උපාධිය ගත්ත ලෝකයේ ප්‍රථම හිමිනම වෙන වාර්තාවත් තියනවා කියලා නිතරම කිවුවා.... ..”

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.