මාධ්‍යවේදිනිය සමග Selfie ගන්නේ බලාගෙනයි- වෙච්ච දේවල් මෙන්න!

 06/13/2017 - 16:34
1749 reads

ඇය පාකිස්තානු මාධ්‍යවේදිනියක්. නමින්  Zainab Abbas. ඇය සෙල්ෆි ගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා කියලයි ආරංචිය. හැබැයි Zainab Abbas එක්ක සෙල්ෆි ගන්නේ බලාගෙනයි. එහෙම කියන කොට පසුගිය දවස්වල අපේ රටේ සෙල්ෆි නිසා ජීවිත කීයක් නැති කර ගත්තද... කියල මතක් වෙනවා. 

Zainab Abbas එක්ක සෙල්ෆි ගත්ත අය දැන් දැන් හිතන්නේ 'අපරාදේ' කියලා. ඉන්දීය මාධ්‍ය මේ ගැන වාර්තා කරනවා.

ඉන්දු ශ්‍රී ලංකා තරගයට පෙර විරාත් කෝලි සමග මාධ්‍යවේදිනිය සෙල්ෆි ඡායාරූපයක් ගත්තා.  එම තරගයේදී විරාත් ලකුණු නොලබා දැවී ගියා. ඉන්දියාව තරගය ද  පරජය වුණා.

අනෙක් කෙනා....AB ඩිවීලියස්.  තරගයට පෙර Zainab Abbas  සමග සෙල්ෆියක් අරගත්තා. එම තරගයේදී AB ද ලකුණු නොලබාම  දැවී ගියා. එමෙන්ම තරගයද පරාජය වුණා.

පිට පිට මේ වගේ අවස්ථා දෙකකදී  Zainab Abbas සමග සෙල්ෆි ගත්තු ක්‍රීඩකයන් ට සහ ඒ කණ්ඩායමට අත්වූ ඉරණම ගැන සමාජ ජාලා ලොකු ප්‍රසිද්ධියක් ලබල දුන්නා.

මෙවැනි  පසුබිමක් තුළ ඇන්ජලෝ මැතිව්ස් ද තරගයට පෙර ඇය සමග සෙල්ෆි ඡායාරූපයක් ගත්තා. මොකක්දෝ දෙයකට මැතිව්ස් 'බිංදුවට' ගියේ නෑ. එහෙම  දෑවි නොගියත් තරගය අවාසනාවන්ත ලෙස පරාජය වුණා.

මේ සම්බන්ධයෙන් සමාජ ජාලා තව බොහෝ දේවල්  හුවමාරු කරද්දී  Zainab Abbas මාධ්‍යවේදිනිය සමග  සෙල්ෆි ගැනීම හා තරග පැරදීම අතර අපූරු යම් සම්බන්ධකමක් පවතින බවයි වැඩි දෙනා කියන්නේ.