නම් නොකළ ක්‍රීඩකයෙක් ගෙන්වා තරග කිරීමත් පරාජයට හේතුවක් වුණාද?

 06/13/2017 - 15:25
1092 reads

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ඇත වූ ඉරණම දැන් ලෝකයාම දන්නා දෙයක්.

අවසන් පූර්ව වටයට යාමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව  පාකිස්තානයට  දුන්නා බන්දේසියක තියලා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයිනේ?

ඊයේ තරගයේ දී වැඩි දෙනාගේ අවධානය යොමු වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට  අවසානයේ ගිලිහී ගිය උඩ  පන්දු දෙසයි.

අවශ්‍යම මොහොතක ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන්  උඩ  පන්දු ගිලිහීයාමේ ප්‍රතිඵලයක් ලෙස  පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

මෙහි දී කැපී පෙනෙන සිද්ධියක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නම්  නොකළ  ක්‍රීඩකයෙක් අවසානයේ පිටියට පිවිස උඩ  පන්දුවක් අත හැරීමයි.

සීක්කුගේ ප්‍රසන්න පිටියට පවිස සිටියේ  නුවන් ප්‍රදීප් වෙනුවට....  තරගයේ අවසාන හරියේ දී  කණ්ඩායමට එකුතු වුණේ.

පන්දුවාර 50 තරගයක පන්දුවාර 10ක් යොමු කරන වේගපන්දු ක්‍රීඩකයන් විවේක ගන්වා අමතර ක්‍රීඩකයෙක් තරගයට ඇතුළත් කර ගැනීම සාමානය දෙයක්.

එලෙස කණ්ඩායමට එකුතු වූ  සීක්කුගේ ප්‍රසන්න අතින් අවශ්‍යම මොහොතේ උඩ  පන්දුවක් ගිලිහී යාම තරගයේ පරාජය ට  ප්‍රධාන එක හේතුවක් වුණා.

ඊයේ උඩ  පන්දු අත හැරී  ක්‍රීඩකයන් අතර තිසර පෙරේරා මෙන්ම  ධනුෂ්ක ගුණතිලක  වනවා.

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.