තිසර සහ සීක්කු ශ්‍රී ලාංකිකයන්ගේ හිත් රිදවූ හැටි මෙන්න [වීඩියෝ සහිතයි]

 06/13/2017 - 10:45
548 reads

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගයෙන් පකිස්ථානය ජය ගැනීමත් සමග සමස්ත තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වුණා. ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම තරගයේ පරාජයට විශාලම හේතුව බවයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ. තරගයේදී පහසු උඩපන්දු දෙකක් ද අතහරිනු ලැබුවා. ඒ ලසිත් මාලිංග යොමු කළ පන්දුවලට සීක්කුගේ ප්‍රසන්න සහ තිසර පෙරේරායි.  එය තරගයේ තීරණයට හේතුවක් වූ බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.