'රත්නපුරේ ට ගංවතුර' අනාවැකිය කිව්වේ මාස දෙකකට කළින් - මෙන්න විස්තරේ

 05/30/2017 - 18:33
19154 reads

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ජීවිත 193ක් අපට අහිමි වෙලා අවසන්.

ඒ වගේම 94 දෙනෙක් තවමත් අතුරුදන්.

පුද්ගලයින් හය ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ගංවතුර, නායයෑම් ආපදා හේතුවෙන් අවතැන්ව සිටිනවා.

මෙම ආපදා තත්ත්වයෙන් වැඩිම පීඩාවක් එල්ල වුණේ, රත්නපුර දිස්ත්‍රික්කයටයි.

එහිදී අපට අහිමි වෙච්ච ජීවිත ගණන 79 ක්.

සිදුවුනු ව්‍යවසනයත් එක්ක අපි ඉන්නේ දැඩි කම්පනයෙන්.

හැබැයි මේ ව්‍යසනය අපට වළක්ව ගන්න තිබුණා කියන සිතුවිල්ල අපි අතර තියෙනවා.

ඒත් ඒ පිළිබඳ අප නොදැන කටයුතු කළා.

ඔබ පුදුම වෙයි මේ ව්‍යසනය එන බවට මීට මාස දෙකකට පෙර අනාවැකි පළ වී තිබුණා  කිව්වොත්. එය සත්‍යයක්.

එහෙම අනාවැකියක් පළ වෙලා තිබුණා.

NEWS24 මේ ගැන හොයල බැලුවෙ මේ පිළිබඳ  ලැබුණු තොරතුරු අනුවයි.

රත්නපුරයට මහ ගංවතුරක් අත ළඟ, එය සියයට 70 ක් පමණ තහවුරු වී ඇති බවට මීට මාස දෙකකට පෙර රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ හමුවේදී එක් පුද්ගලයෙක් අවධාරණය කර සිටියා.

වසර 143ක දත්ත වාර්තා පරික්ෂා කරමින් කළ අධ්‍යයනයක් පිළිබඳ එලෙස  කරුණු වාර්තා කළේ, රත්නපුර ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු  අරුණ සමරතුංග මහතායි.

වාරිමාර්ග අධ්‍යක්ෂවරයෙක් වන එස්.එම්. ප්‍රේමසිරි මහතා කළ අධ්‍යයනයක් ඔහු විසින් තවදුරටත් අධ්‍යයනය කරලා සමරතුංග මහතා මෙම අනාවැකිය ප්‍රකාශ කළා.

එහිදී ඔහු රත්නපුර දිස්ත්‍රික්කයට වර්ෂාව ලැබෙන ජනප්‍රවාද පිළිබඳවද දැඩි අවධානයක් යොමු කළා.

එමෙන්ම පැවති කාලගුණයද ඔහුගේ නිරීක්ෂණයට ලක් වුණා.

ඒ අනුව දත්ත මත පදනම් වෙමින් එදා ඒ හමුවට පැමිණි දේශපාලන බල අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද දැනුවත් කළා.

කියන්නේ මොකක්ද කියල කාටවත් වැටහුණේ නැතැත් අවසානයේ ඔහු අවධාරණය කර සිටියේ, අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ගංවතුර එන බවත් එය බිම් මට්ටමේ ජනතාව දැනවත් කළ යුතු බවටයි.

අවාසනාවට එළඹිලා තිබුණේ, අවුරුදු නිවාඩුවත් වෙසක් නිවාඩුවත් නිසා ඉතාම මන්දගාමී ලෙස එම දැනුවත් කිරීම සිදු වී තිබුණා.

පසුගිය 25 වැනිදා ඔහු කළ ප්‍රකාශයේ පුංචි කොටසක් දිනපතා පුවත්පතක  සටහන් වෙලා තිබුණා.

මෙවන්  ව්‍යවසනයක්  අත  ළඟ බව  කාටවත් දරුණුවට දැනුණේ නැහැ. ඒත් වාරිමාර්ග ඉංජිනේරු අනුර සමරතුංග මහතා තමන්ට පුළුවන් විදියට කන්න රැස්වීම් දැනුවත් කරල බටුගෙදර සහ ඇළපාත අක්කර 400කට වැඩි වගා බිම් රැසක් බේරා ගත්තා.

මෙම අනාවැකිය පිළිබඳ බලධාරීන් අවධානයෙන් කටයුතු කළේ නම් දැවැන්ත ව්‍යවසනයෙන් සිදු වු ජීවිත හා දේපළ හානි වළක්වා ගැනීමට ඕන තරම් වෙලාව සහ  හැකියාවක් තිබුණු බවනම්  නොඅනුමානයි.

 රත්නපුර ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු අනුර සමරතුංග මහතා රත්නපුර දිස්ත්‍රික් කමිටු රැස්වීමේ දී ගංවතුර අවදානමක් ගැන පූර්ව අනතුරු ඇඟවූ අවස්ථාව..

මේ පිළිබඳ Champika Nirosh තැබූ FB සටහන..

 

 

 

 

 

aruna samarathunga
Division Irrigation Engineer at Division Irrigation Engineer Office Ratnapura