අපි මෙහෙමයි ! අපේ උන් හරි වෙනස් කියන්නේ ඒකයි ! (PHOTOs)

38

පාස්කු ප්‍රහාරයත් සමග ශ්‍රීලංකාවට පමිණෙන සංචාරකයන්ගේ අඩුවීමක් දක්නට ලැබුණා.

ඇමෙරිකාව වැනි රටවල් එම පුරවැසියන්ට විවිධ අවස්ථාවල ශ්‍රි ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් අවවාද පවා නිකුත් කළා.

ඔය අතරේ ශ්‍රී ලංකාවට හිතැති රටවල් ඔවුන්ගේ පුරවසියන්ට ශ්‍රි ලංකාවේ සංචාරයට බාධක දැම්මේ නැහැ.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ විදෙස් ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාව ට ආවා. ඒ බංග්ලාදේශය.

හැබැයි ඒත් ආවේ මුලින් එන්නට බැහැ කියලා. ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කියලා.

ඒ අයගේ නියෝජිතයන් පිරිසක් මුලින් ඇවිත් හොයලා බලා තමයි ක්‍රිකට් කණ්ඩායම එවන්නට තීරණය කළේ.

පාස්කු ප්‍රහාරයෙන් තුන් මසකට පසුව ආව බංග්ලාදේශ කණ්ඩායම (ජූලි 23 – ජූලි 31 ) එක්දින ක්‍රිකට් තරග තුනකට සහභාගී වෙලා සිංහයෝ ශුරයන් කරලා ගියේ 3-0 මතකයක් ඉතිහාසයට එකතු කරලා.

ඉන් පස්සේ නවසීලන්ත කණ්ඩායම පසුගිය 02 දා රාත්‍රියේ ශ්‍රී ලංකාව ට ආවේ ටෙස්ට් තරග දෙකකට සහ T20 තරග තුනකට සහභාගී වෙන්නට.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ආරම්භ කෙරෙන්නේ ගාල්ලේ දී.

දෙවන ටෙස්ට් තරගය කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ දී ලබන 22 දා ආරම්භ කෙරෙනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දුවාර 20-20 තරග තුනම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

ඒ, කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කිහිපයක ඇති ගැටලු‍වක් හේතුවෙන්.

මීට පෙර තරගාවලියේ පළමු 20-20 තරග 2 කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේ දීත්, අවසන් 20-20 තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දීත් පැවැත්වීමට නියමිතව තිබුණා.

සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ (08) කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගනයේ දී පුහුණු තරගයක් ආරම්භ කළා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමත් සමග.

මෙය තුන් දින පුහුණු තරගයක්.

ආරම්භක දිනයේම ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් තරගය බලන්නට ආවා.

හැබැයි ඒ.. නිකම්ම නොවෙයි.

පෙර සූදානමකුත් එක්ක.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා Kane Williamson.

29 වන උපන් දිනය යෙදිලා තිබුනේ ඊයේ. ඊ කිව්වේ අගෝස්තු 08.

ඉතින් Kane Williamson ගේ උපන් දිනය ට අපේ ප්‍රේක්ෂකයෝ උපන් දින කේක් ගෙඩියක් බොහොම සතුටින් අරගෙන ආවා.

තරගය අතර තුරේ Williamson පිට්ටනිය අයිනට ඇවිත් කේක් ගෙඩියෙන් කෑල්ලක් කාලා, ප්‍රේක්ෂකයෙකුටත් කවලා උපන් දිනේ සැමරුවා.

මෙම අවස්ථාව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රි ලාංකිකයන්ගේ අනන්‍යතාව තවත් පසක් කරමින්.

ලෝකයාට දුන්නු මේ අසහාය පණිවුඩයේ වටිනාකම, අගය – ආණ්ඩුවකට හෝ රජයකට ඩොලර් මිලියන ගණනක් වැය කළත් ලබා ගන්නට හැකි වේද ?

අපි එහෙමයි. !

හිතවත් ලෝකයාණෙනි, එන්න ශ්‍රී ලංකාව ට.

අපේ ආදරය සහ ආගන්තුක සත්කාර බොහොමයි ! බොහොමයි ! බොහොමයි !

Your Comments