පහළොස් හැවිරිදි ළාබාල මවකට උපන් බිළිඳා වලදමයි – පින් පොං පැමිණ බේරා ගනියි

237

වලදමා තිබූ අලුත උපන් බිළිඳෙකු සුනඛයෙකු විසින් බේරා ගෙන තිබෙනවා.

දරුවා බිහිකර ඇත්තේ 15 හැවිරිදි දැරියක විසින්.

උප්පත්තිය ලද වහා කිසිවෙකුට හසු නොවන ලෙස බිළිඳා වල දමා තිබුණා.

මෙම පුවත වාර්තා වන්නේ තායිලන්තයෙන්.

බැංකොක් නගරයට ඊසාන දිග තායිලන්තයේ Ban Nong Kham ගම්මානයේ නිවසක ඇති කරන සුනඛයෙකුගේ අසාමාන්‍ය හැසිරීමක් නිරීක්ෂණය වී ඇත්තේ සත්වයාගේ හිමිකරුටමයි.

සුනඛයා කෑ ගසමින් කැළෑබද ප්‍රදේශයක ඔබ මොබ සැරිසරා තිබෙනවා.

ඒ පිළිබඳ සොයා බැලීමේ දී සුනඛයාගේ හිමිකරු 41 හැවිරිදි Usa Nisaikh දැක ඇත්තේ සත්ත්වයා වළක් හාරන ආකාරයක්.

සුනඛයා ද කිසිවෙකුගේ පැමිණීමක් අපේක්ෂාවෙන් සිට තිබෙනවා.

දරුවෙකුගේ කකුලක් මතුව ඇති අයුරුඑහි ගිය Usa Nisaikh ට දැක ගන්නට ලැබුණා.

ඒ අනුව වහා එම ස්ථානය හාරා තිබෙනවා.

එහි අලුත උපන් දරුවෙකු වල දමා තිබුණා.

දරුවා ගොඩ ගෙන වහා රෝහලකට රැගෙන ගොස් ඇත්තේ අවට පිරිසගේ ද සහයෝගයෙන්.

මූලික ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන් පවසා ඇත්තේ ළදරුවාට කිසිදු අහිතකර තත්ත්වයක් නොමැති බවයි.

කිලෝ 2.3ක් බරැති බිළිඳා පිරිමි දරුවෙක්.

දරුවා අත හැර දමා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවට බාලවයස්කාර මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිළිඳා බේරාගත් සුරතලා Ping Pong ලෙසයි හඳුන්වන්නේ.

පින් පොං කා අතරත් සිත් දිනාගත් සුනඛයෙක්.

හිමිකරු පවසන්නේ මෝටර් රථයක ගැටීමක් හේතුවෙන් පින් පොං ට එක කකුළක් ප්‍රයෝජනයට ගත නොහැකි බවයි.

පක්ෂපාතී හා කීකරු තම පින් පොං සුරතලාගේ ක්‍රියාව මනුසත් සමාජයට ආදර්ශයක් බවයි හිමිකරු අභිමානයෙන් පෙන්වා දෙන්නේ.

Your Comments