මේගන් සහ නිල් චිත්‍රපට නළුවකුගේ සබඳතාවක් ගැන හෙළිදරව්වක්

 05/16/2018 - 14:18
473 reads

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ විවාහ මංගල්‍යය එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හැරී කුමරු අතගන්නට සුදානම්ව සිටින්නේ ඇමෙරිකානු ජාතික නිළියක් වන මේගන් මාර්කල් සමඟයි.

මේ වන විට මෙම විවාහ මංගල්‍යට චෝදනා එල්ලවෙමින් පවතිනවා.

ඒ අනුව පසුගිය දිනෙක මේගන්ගේ සහෝදරයෙකුද ඇයගේ කල්ක්‍රියාව පිලිබඳ සඳහන් කරමින් හැරී කුමරුට ලිපියක් ද යොමු කර තිබුණා.

එලෙසින්ම නැවතත් ඇයගේ පැරණි පෙම්වතුන් 06 දෙනෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා.

ඒ අතරින් නිල් චිත්‍රපට නළුවෙකු වන සයිමන් රොක්ස් සමගත් සම්බන්ධතාවයක් තිබුණු බව සඳහන් වනවා.

මෙවැනි පුවත් වාර්තා කරනු ලබන්නේ ඇයගේ චරිතයට හානි කිරීමට බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news