අයිශ්වර්යා නැන්දම්මාගේ උපන්දිනය මගහරියි

 04/11/2018 - 11:14
344 reads

බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ බිරිය හා නිළියක හා දේශපාලනඥයකු වන ජයා බච්චන්ගේ 70 වන උපන්දින සැමරුම ඊයේ දිනයේ පැවතුණා.

එම අවස්ථාවට ඔවුන්ගේ ඥාතීන් මෙන්ම සමීප නළු නිළියන් මෙන්ම පුතු අභිෂේක් බච්චන්ද සහභාගී වුවත් ලේලිය වූ අයිෂ්වර්යා රායි නොපැමිණීම කාගේත් අවධානයට යොමු වූවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

විවාහ වූ අලුත අයිශ්වර්යා හා අභිෂේක් බච්චන්, අභිෂේක්ගේ මව පියා සමග එකම නිවසක සිටියත් පසුව ඇතිවූ විරසකකම් නිසා වෙනම ජීවත්වන්නට ගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව අයිශ්වර්යා නැන්දම්මා - ලේලි විරසකය නිසා ඊයේ උත්සවයට නොපැමිණි බවයි බොලිවුඩ් වෙබ් අඩවි වාර්තා කර සිටින්නේ.

නමුත් සත්‍ය ලෙසම ඇය පුනේහි පැවති සම්මාන උත්සවයක් මගහරින්නට බැරි නිසා එහි ගිය බවයි NDTV වාර්තා කර සිටියේ.

news24.lk
News24
sri lanka news 24
24 news