කෝටි ගණනක් වටිනා රත්‍රන් සමඟ රන් පෙට්ටියක අවසන් ගමන් ගිය තරුණයා

 04/09/2018 - 10:39
931 reads

සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් ගැන ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ  කියුබාවට නුදුරු ට්‍රිනිඩෑඩ් දේශයෙන් වාර්තා වන ධන කුවේරයෙකුගේ අවමංගල්‍ය උත්සවයක්.

මෙලෙස මියගොස් ඇති තරුණයා 33 හැවිරිදි ධන කුවේරයෙකු වන Sheron Sukhdeo නමැති ව්‍යාපාරිකයෙක්.

වෙඩි ප්‍රහාරයකින් මියගිය මොහුගේ ව්‍යාපාරය වී ඇත්තේ මෝටර් රථ වෙලදාමයි.

මෙම පුදුම හිතෙන අවමංගල්‍ය උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ ඔහුගේ සිරුර රත්‍රන් මිනී පෙට්ටියක තැන්පත් කර තිබීමයි.

එසේම ඩොලර් ලක්ෂයක් පමණ වටිනා ආභරණ පළඳවා ඔහුගේ සිරුර ආදාහනය කිරීමත් බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ කරුණක්.

ඔහුගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙනගොස් ඇත්තේද අධි සුඛෝපභෝගී රථයකින්.

එහි ජයාරූප පහතින්.

news24.lk
News24
sri lanka news 24
24 news