ජැකලීන් පෙම් පළහිලව්වක පැටලෙයි

 04/08/2018 - 14:37
428 reads

රෙමෝ ඩී සෝසා කියන්නේ බොලිවුඩ් සිනමාවේ තිරය පිටුපස චරිතයක්.

චිත්‍රපට රංග වින්‍යාස නිර්මාණකරුවකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි රෙමෝ මේ වන විට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස කීර්තිය දිනාගනිමින් සිටිනවා.

රෙමෝ වෙනුවෙන් ජැකලීන් වැඩි කාලයක් සහ අවධානයක් යොමු කරන බවයි බොහෝ දෙනා පවසන්නේ.

කෙසේ නමුත් පසුගියදාට යෙදුණු රෙමෝගේ උපන් දිනයවෙනුවෙන් ජැකලීන් ඔහු සමඟ තමන් එකට සිටින ජායාරූපයක් සමාජ මාධ්‍යයට එක්කරමින් කියා තිබුණේ ''මෙලොව වඩාත්ම නිවුණු හිතක් ඇති සහ තමාගේ හොඳම මිතුරා වන රෙමෝ සිය ජීවිතයේ ලොකුම අභිප්‍රේරණය'' වන බවයි.

ඒ අනුව රෙමෝ සහ ජැකලීන් ගැන ලෝකයම බලා සිටිනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news