සජාහි ශ්‍රී ලංකා අවුරුදු ප්‍රසංගය ජංජාලයක් වූ හැටි (වීඩියෝ)

 04/07/2018 - 21:27
223 reads

ශ්‍රි ලංකාවේ පිරිස් සහභාගීවන සාජාහි අවුරුදු උත්සවයක කලහකාරී සිද්ධියක් හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ  අපකීර්තියක් ඇති වූ බව බොහෝ  දෙනාගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විවිධ කතා නිර්මාණය වෙමින් පවතිනවා.

සාජාහි අවුරුදු උත්සවයට සමගාමීව සංගීත ප්‍රසංගයක්  සංවිධාන කෙරුනා.
ඒ සඳහා මෙරට ප්‍රසිද්ධ ගායක ගායිකාවන් පිරිසකට මෙන්ම මෙරට සංගීත කණ්ඩායමකට ආරාධනා කොට තිබුණා.
කොහොම උනත් එය නොපවත්වන ලෙසට පොලිසිය දැන්වුවා.
ඒ  සාජා හී පාලක පැලැන්තියේ මරණයක් හේතුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබීම  නිසාවෙන්.
පොලිසිය මේ අනුව  සංගීත ප්‍රසංගය තහනම් කළා.

සංවිධායක පිරිස මේ සම්බන්ධයෙන් වෙනත් පිළිවෙතක් අනුගමනය කර තිබෙනවා.

එක පුද්ගලයෙකුට සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා ගාස්තුව  ඩිරාම් 60ක්, එනම් රුපියල් 2500ක් පමණ.

ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබු 06 වෙනිදා බොහෝ පිරිස්  පැමිනියේ  ප්‍රසංගය තහනම් කළ  බවක් නොදැනලු.

සංවිධායක මණ්ඩලය එදින පැමිණි අයගෙන් ද ප්‍රවේශපත් පිළිබඳ විමසා මුදල් අයකර තිබෙනවා.

සංගීත ප්‍රසංගය පැවැත්විය නොහැකි බව දැනුම් දිය යුතුව තිබු නමුත්  මුදල් ඉපයීම අරමුණ කරගත් සංවිධායකයින් එය වසන් කිරීම නරඹන්නන්ගේ ප්‍රකෝපකාරී හැසිරීමට හේතුව වුනා.

ප්‍රකෝපකාරී හැසිරීම කිසිසේත්ම අනුමත නොකරන නමුත්, සිද්ධියේ වරද 100% සංවිධායකවරුන් භාරගත යුතු බවයි ප්‍රසංගය වෙනුවෙන් පැමිණි පිරිස් පවසන්නේ.

අවසානයේ ලාංකිකයන් පිරිසකට  සිරගතවීමටත් කීපදෙනෙකුට  රෝහල්ගතවීමටත් සිදුවුනා.

ඒ පිළිබඳ ෆෙස්බුක්හි මෙවන් සටහනක් තිබුණා.

අපේ සංස්කෘතික මංගල්‍යය විදෙස් රටකදී හෑල්ලුවට ලක්වීම පිලිබඳව ජාතියක් ලෙස අපි සැමටම අවමානයකි.
ඇරෝස්ටා අපේ ප්‍රසංගය සාජාහී වෙසෙන රැකියාවේ නියතු බීමත් පිරිසක් හේතුවෙන් අතර මගදී නවතා දැමීමට සිදු වී ඇත.
එහිදී ශබ්ද වාහිනී යන්ත්‍ර වලට හා අනිකුත් දේපල වලට ඉතාමත් දැඩි අලාභහානි කර ඇත.
මෙවැනි පිරිස් නිසා පිටරකදී ප්‍රසංගයකට නැවතත් සහභාගි වීම දෙවරක් සිතා බැලිය යුතු වේ.
සංගීත රසකාමී පිරිසට එම රසය විදින්නට නොහැකි වීම පිලිබඳව අපගේ බලවත් කනගාටුව.
එහිදී සංගීත කණ්ඩායමේ කිසිම කෙනෙකුටවත් වීඩියෝ ටීම් එකේ කාටවත් කිසිම අනතුරක් වී නොමැත.

news24.lk
News24
sri lanka news 24
24 news
Awurudu
Sajha
Dubai
ArrowStar
Musical Show