කෝලිගේ මඟුලෙන් පසු කාර්තික් පවුල කරලියට

 04/04/2018 - 11:36
169 reads

ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලිගේ විවාහයෙන් පසු දිනේෂ් කාර්තික්‌ සහ දීපිකා පල්ලිකාල් පිළිබඳව ඉන්දියානු ක්‍රීඩා ලෝලීහු වැඩි අවධානයක්‌ යොමුකර තිබෙනවා.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දිනේෂ් කාර්තික්‌ගේ බිරිඳ එරට ජාතික ස්‌කොෂ් ශූරියක්‌ වීම සහ ඇය මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නියෝජනය කරද්දී කාර්තික්‌ IPL නියෝජනය කිරීමයි.

අද (04 දා) ඕස්ට්‍රේලියාවේ ආරම්භවන පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල නියෝජනය කරන දිපීකාව පිටත්කර යෑවීමටද කාර්තික්‌ එක්‌ව ඇති බවයි වාර්තා වන්නේ.

'මීට අවුරුදු 07කට පෙර ඇය රන් පදක්‌කමක්‌ දිනා ගත්තා. ඊට පස්‌සෙ ඇය ගෙදර වැඩ කරද්දී මේ ක්‍රීඩා උළෙල වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණා. මම ඇයට උපරිමය සහයක්‌ ලබාදෙනවා.'

යෑයි කාර්තික්‌ පවසා තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news