ඉතිහාසයේ ප්‍රථම වතාවට පේරේදී කළ විස්මිත සැත්කම

 04/01/2018 - 12:55
254 reads

මව් කුස සිටි දරුවකුගේ හිස සහ ගෙළ ප්‍රදේශය පමණක් පිටතට ගෙන කළ විශ්මිත සැත්කමක් පිළිබඳ පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වනවා.

ගෙළ ප්‍රදේශයේ විශාල ගෙඩියක් ඇති වීම නිසා ස්වසන මාර්ගය හා පෙනහළු අවහිර වීම හේතුවෙන් මෙම දරුවා (Teratoma ) නැමැති රෝගයට ගොදුරුව ඇතැයි සඳහන්.

දරුවා හා මවගේ පෙකණි වැල අතර සම්බන්ධතාව බිඳ නොදමා පැය 02ක පමණ සැත්කමකින් පසු දරුවා නිරුපද්‍රිතව පිටතට ගැනීමටයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත්තේ.

මෙවැනි සැත්කමක් සාර්ථකව සිදුකර දරුවෙකුගේ ජීවිතය මෙරටදී බේරාගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

දරුවාගේ ස්වසන මාර්ගය අවහිරවන සේ පිහිටි ගෙඩිය සැත්කම මගින් සම්පූර්ණයෙන් ඉවත් කිරීම අසීරු බැවින් ගෙඩිය නිසා ස්වසන මාර්ගයේ පවතින අවහිරතාව සැත්කම මගින් නළයක් යොදා තාවකාලිකව ඉවත් කර ඇතැයි සඳහන්.

පේරාදෙණිය රෝහල ස්ථාපිත කර ගෙවුණු වසර 40 ක කාලය තුළ මෙවැනි සැත්කමක් සිදුකර නොමැති අතර සැත්කමෙන් පසු දරුවා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news