වැලන්ටයින් සැමරුවොත් වෙන දේ මෙන්න

 02/14/2018 - 12:56
174 reads

පාකිස්තානය වැලන්ටයින් සමරුව තහනම් කර ඇති බැවින් එම දිනය ප්‍රවර්ධනය කිරීමෙන් වළකින ලෙස පකිස්ථානු ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකාවලට එරට විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය උපදෙස් දී ඇතැයි DGN වෙබ් අඩවිය පවසනවා.

පාකිස්තාන තරුණ පරපුර අතර වැලන්ටයින් සමරුව ඉහළ ජනප්‍රියත්වයක් උසුලන අතර සුබ පැතුම්පත්, චොක්ලට් හා තෑගි  වැලන්ටයින් දිනයේ ආදරවන්තයින් අතර හුවමාරු වනවා.

එහෙත් පාකිස්තානයේ සම්ප්‍රදායික මුස්ලිම් සමාජය පවතින බැවින් බටහිරින් ගෙනා සංස්කෘතිකාංග වලින් මිදෙන්නැයි එරට ජනාධිපති ශිෂ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පාකිස්තාන මහාධිකරණය විසින් ප්‍රසිද්ධ ස්ථානවල වැලන්ටයින් සැමරීම හා රාජ්‍ය නිලධාරින් විසින් එම සමරුව සිදුකිරීම තහනම් කරමින් ඉකුත් වසරේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය සිය ට්විටර් නිල පිටුවෙහි සටහනක් තබමින් මෙම සමරුව ප්‍රවර්ධනය නොකරන්නැයි මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.

news24.lk
News24
sri lanka news 24
24 news