තුන්වන දරුවා පිළිගැනීමට විලියම් කුමරුගේ සුදානම

 02/12/2018 - 13:09
261 reads

සිය තෙවන දරු උපත පිළිබඳ මේ වන විට විලියම් - කේට් යුවළ අපේක්ෂාවෙන් පසුවනවා.

ඊයේ රාත්‍රියේ කෙන්සිංටන් මාළිගයේ පැවති උත්සවයකදී කේම්බ්‍රිඩ්ජ් ආදිපාද විලියම් කුමරු සිය පවුල් ජීවිතය ගැන විවෘතව කතා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී ඔහු අමුත්තන්ට පවසා ඇත්තේ "අපේ තුන්වන දරුවා අප්‍රේල් මාසයේදී අප අතර එන්නට නියමිත බවත් මේ වන විට මට හැකි තරම් නින්දක් ලැබෙනවා." යනුවෙනුයි.

අලුතෙන් පවුලට එක්වීමට සිටින අමුත්තා ගැන බලාපොරොත්තු සහිතව සිටියත් විලියම් කුමරු තව දුරටත් කියා සිට ඇත්තේ, "දෙකක් හොඳයි. මම තුන්දෙනා සමග සාර්ථකව කටයුතු කරන්නේ කෙසේදැයි මම දන්නේ නැහැ. මම ස්ථිරවම වෙහෙසට පත්වෙමි." ලෙසයි.

news24.lk
News24
sri lanka news 24
24 news