"ඔබේ හඬ දැනෙයි " - මහින්ද සහ ගෝඨාභය සුබ පැතූ හැටි

 02/12/2018 - 08:10
137 reads

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ආයතන බහුතරයක් ජයග්‍රහණය කිරිමට සමත්ව සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
ඒ පළාත් පාලන ආයතන 239ක බලය තහවුරු කර ගනිමින්.
ලබා ගත් ඡන්ද ප්‍රමාණය 45%යි.
දිස්ත්‍රික්ක 19ක් බලය ඊට ඇතුළත්.

මෙරට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය ද  විශේෂ අවධානයක් යොමු කර තිබුණා.

එම මාධ්‍ය වාර්තා මගින් දේශපාලන විශ්ලේෂකයින් කරුණු දක්වමින් සදහන් කර තිබුණේ පවතින සම්මුතිවාදී රජය ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරිමක් මේ තුළින් දක්නට ලැබෙන බවයි.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 42ක බලයත් (32%), ඉලංගෙයි තමින් අරසු පක්ෂය පළාත් පාලන ආයතන 38ක බලයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පළාත් පාලන ආයතන 7ක බලයත්, ලංකා කම්කරු කොංග්‍රසය පළාත් පාලන ආයතය  05ක බලයත්, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 3ක් බලයත් ලබා ගත්තද, ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන ආයතන කිසිවක බලය තහවුරු කර ගැනීමට සමත් වූයේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම සුවිශේෂ ජයග්‍රහණය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා twitter ඔස්සේ සුබ පැතුම් එක් කළේ මෙලෙසින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Mahinda
Gotabhya
election