සුපිරි ගායක සෝනු නිගම්ට මරණ තර්ජන

 02/07/2018 - 13:52
93 reads

ලෝ පුරා රසික ජනතාවගේ ආදරය දිනාගත් සෝනු නිගම්ට මරණ තර්ජන එල්ලවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඉන්දියාවේ මූලධර්මාවාදීන් බවයි සඳහන් වන්නේ.

එයට හේතු වී ඇත්තේ සෝනු නිගම් ඉන්දියාවේ ජාතික ගීය ගැන කරපු ප්‍රකාශයක්.

ඔහු පවසා ඇත්තේ, ඉන්දීය සිනමා ශාලා සහ අවන්හල් අැතුලේ ජාතික ගීය ගායනා කරන එක සුදුසු නැති බවයි.

එමඟින් ජාතික ගීයට අගෞරවයක්  වන බවත් ඔහු කියා සිටියා.   

සිද්ධිය සම්බන්ධව මුම්බායි පොලීසිය මේ ගැන සෝනු නිගම්ට දැනුම් දී ඇති අතර මහාරාෂ්ඨ බුද්ධි අංශ ප්‍රකාශ කර ඇත්තේ ප්‍රසිද්ධ ස්ථානයකදී, ප්‍රසංගයකදී හෝ ගමන් කරමින් සිටිනා අවස්ථාවකදී වුවද ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව සෝනු නිගම්ට විශේෂ අාරක්ෂාවක් ලබා දීමට මුම්බායි පොලීසිය ක්‍රියා කරල තිබෙන බවත් සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news